රාජ්‍ය නිලධාරින්ගේ ඇප ආඥාපනත අනුව, රාජ්‍ය නිලධාරින් සඳහා ඇපකරයක් නියම කිරීම මඟින් එකී රාජ්‍ය නිලධාරියා ස්වකීය රාජකාරි ඉටු කිරීමේදී තමා අතින් රජයට සිදු විය හැකි පාඩු ඔහු විසින් තබන ලද ඇපකරයෙන් අය කර ගැනීම සිදු කරනු ලබයි.
එම ක්‍රියාවලිය සරල හා කාලෝචිත අයුරින් සිදු කිරීමට හැකි වන පරිදි රාජ්‍ය නිලධාරින්ගේ ඇප ආඥාපනත පූර්ණ ප්රතිශෝධනයකට ලක් කිරීමට අවශ්‍ය සංශෝධන හඳුනාගැනීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමට 2023‑11‑20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.
ඒ අනුව, එකී නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාව මත පදනම්ව රාජ්‍ය නිලධාරින්ගේ ඇප ආඥාපනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.