චිකන්ගුන්‍යා යනු මදුරුවන් මගින් බෝවන වෛරස් රෝගයකි. Aedes aegypti සහ Aedes albopictus යන මදුරු වර්ග මගින් මෙම වෛරසය මිනිසුන්ට බෝවේ. මෙය උණ, සන්ධි වේදනාව, ශරීර කම්පනය, හිසරදය වැනි රෝග ලක්ෂණ මගින් ඉදිරිපත් වන අතර, බොහෝ අවස්ථාවලදී ඩෙන්ගි වැනි අනෙකුත් වෛරස් රෝගයන්ට සමාන බරපතල සංකීර්ණතා ඇති කරන බවද වෛද්‍ය වාර්තා වලින් පෙන්වයි (WHO, 2024).
ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය තුළ, චිකන්ගුන්‍යා වසංගතයක් ලෙස ව්‍යාප්ත වීමේ ප්‍රවණතාව දැක්වෙයි. එහෙත් මෙම ව්‍යාප්තිය පාලනයට අත්‍යවශ්‍ය වන මුලික කොටසක් වන රසායනාගාර පරීක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක නොවීම දැඩි අවධානයක් යොමු කළ යුතු කරුණකි.
රෝගීන් හඳුනා ගැනීමේ ව්‍යාජතාව
චිකන්ගුන්‍යා රෝගය නිවැරදිව හඳුනා ගැනීම සඳහා PCR (Polymerase Chain Reaction), IgM/IgG ප්‍රතිදේහ පරීක්ෂණ වැනි නවීන විද්‍යාත්මක ක්‍රමවේද පවතිනවා. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ රාජයේ රෝහල් පද්ධතියට මෙම පරීක්ෂණ සදහා අවශ්‍ය ප්‍රතික්‍රීයක කට්ටල ලබාදී නැත. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ PCR පරීක්ෂණ පහසුකම තිබුණද, ප්‍රතික්‍රියක කට්ටල නොලැබීම හේතුවෙන් ඒවා නවතා දැමූ බව වාර්තා වේ.
රෝග පාලනයට බලපාන බලපෑම්
නිවැරදි රසායනාගාර පරීක්ෂණ මඟින් රෝගීන් හැකි ඉක්මණින් හඳුනා ගතහොත්, ආසාදිත මදුරු ගහන (Hot Spots) ප්‍රදේශ පහසුවෙන් වෙන් කර සෘජුවම පාලනයට යොමුවිය හැක. එමඟින් රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්විය හැකි විය. නමුත් රෝග ලක්ෂණ පදනම් කරගෙන පමණක් ප්‍රතිකාර සැලසීම, එම ව්‍යාප්තිය නිරීක්ෂණය කිරීමද, රොග පාලනයද විද්‍යානුකූලව සිදු කිරීමට නොහැකි තත්වයක් නිර්මාණය කර ඇත.
දීර්ඝ කාලීන සෞඛ්‍ය බලපෑම්
චිකන්ගුන්‍යා සුව වීමෙන් පසු සන්ධි වේදනාව, අතපාද ඉදිමීම, ක්‍රියාවිහිදීමේ අපහසුතාවයන් වැනි දීර්ඝ කාලීන ආතුරු තත්ව ඇති විය හැකිය. මෙය සෘජුවම රටේ නිෂ්පාදන හැකියාව, ශ්‍රම බලකාය, සහ සමාජ සම්පත් ක්‍රියාත්මක වීම මත බරපතල බලපෑම් ඇති කරයි (CDC, 2023).
යෝජිත විසඳුම්
1. රෝග හඳුනාගැනීම් සඳහා පරීක්ෂණ කට්ටල සැපයීම: වහාම රෝහල් රසායනාගාර වලට PCR සහ IgM/IgG ක්ෂණික පරීක්ෂණ කට්ටල ලබාදිය යුතුය.
2. රෝගියෙකු හැඳිනීමේ විශේෂිත මාර්ගෝපදේශයක්: රෝගය නිවැරදිව වෙන් කිරීම සඳහා වෛද්‍යවරුන්ට විශේෂ පුහුණුවක් ලබා දිය යුතුය.
3. දත්ත එකතු කිරීම හා විශ්ලේෂණය : රෝග ව්‍යාප්තිය පිළිබඳ පරීක්ෂණමය දත්ත රැස් කරමින් ප්‍රදේශ අනුව ව්‍යාප්තිය තීරණය කළ යුතුය.
4. මදුරු පාලන වැඩසටහන් සක්‍රිය කිරීම: ආසාදිත ප්‍රදේශ සීමා කර මදුරු විනාශන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුය.
රසායනාගාර පරීක්ෂණ පහසුකම් අඩුවීම හේතුවෙන් චිකන්ගුන්‍යා ව්‍යාප්තිය වාසියට පෙරළී තිබේ. විශේෂයෙන් වසංගත තත්ත්වයකින් තොරව එය පාලනය කළ නොහැකි වන්නේ, රෝගය නිවැරදිව සහ වේලාවට හඳුනා ගැනීම සිදු නොවීමයි. එම නිසා රටේ සෞඛ්‍ය ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා රසායනාගාර පහසුකම් සවිබල ගැන්වීම හා නවීන පරීක්ෂණ ක්‍රමවේද වහාම ක්‍රියාත්මක කිරන ලෙස අපි සෞඛ්‍ය ඇමති වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
ආශ්‍රිතය:
World Health Organization (2024). Chikungunya – Key Facts. Geneva: WHO.
Centers for Disease Control and Prevention (CDC) (2023). Chikungunya Virus: Symptoms, Diagnosis, & Treatment. Atlanta: CDC.
රවී කුමුදේශ්
සභාපති
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය