සෑම සිසුවෙකුගේම පරිපූර්ණ අධ්‍යාපනයක්  හා ආරක්ෂාව තහවුරු කරන්න - ක්‍රිස්තියානි කාන්තා හඬ ව්‍යාපාරය

සෑම සිසුවෙකුගේම පරිපූර්ණ අධ්‍යාපනයක්  හා ආරක්ෂාව තහවුරු කරන්න - ක්‍රිස්තියානි කාන්තා හඬ ව්‍යාපාරය

ශ්‍රී ලංකාවේ ප්‍රාථමීකයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සෑම සිසුවෙකුටම කිසිඳු භේදයකින් හා බියකින් තොරව "පරිපූර්ණ අධ්‍යාපනයක් ලබාගැනීමේ ඇති අයිතිය" නිසි ගෞරවය හා ලැබිය යුතු ආරක්‍ෂාව" තවදුරටත් තර්ජනයට හා බිළිදීම්වලට ලක් නොවී ආරක්ෂාකර දීම සඳහා" ජනතාව විසින් පත්කරගනු ලැබූ ආණ්ඩුවක් වශයෙන් කල්යල් නොබලා කඩිනමින් අවශ්‍ය සුදුසු ම පියවර ගන්නා ලෙස  ක්‍රිස්තියානි කාන්තා හඬ ව්‍යාපාරය  ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ පහතින් දැක්වේ.

ශ්‍රි ලංකාවේ ඇතැම් පාසැල් තුළ සහ විශ්වවිද්‍යාල තුළ සිදුවෙමින් පවතින මරණය තෙක් දිවෙන නවක වදය මෙන් ම ලිංගික හිංසනය, පිළිබඳව ඔබ පාලනයේ කඩිනම් සහ සැළකිය යුතු අවධානය සඳහා කාරණීකව සිදුකෙරෙන ඉල්ලීමයි!!

ගරු ජනාධිපතිතුමා / ගරු අගමැතිතුමිය / ගරු අධ්‍යාපන සහ උසස්අධ්‍යාපන ඇමතිතුමිය,

ශ්‍රී ලංකාව පුරා පිහිටා ඇති අපගේ ඇතැම් විශ්වවිද්‍යාල සහ පාසල්වල සිදුවන කුරිරු නවක වදය, හිරිහැර සහ අපයෝජන පිළිබඳ අඛණ්ඩව වාර්තාවන අකාරුණීක සිදුවීම් පිළිබඳව තැතිගැණීමෙන් සහ දැඩි පිළිකුල් සහගත කළකිරීමෙන් පසුවන පුරවැසියන් පිරිසක් ලෙසට, අපි - ක්‍රිස්තියානි කාන්තා හඬ ව්‍යාපාරය ඔබ පාලනය වෙත මෙම ආයාචනය මෙසේ ඉදිරිපත් කරමු.

මෙම අමානුෂික ක්‍රියාවන් දරුණු මානසික කම්පනයට, ශාරීරික හානිවලට, ඛේදජනක ලෙස සියදිවි නසාගැනීම් හරහා තරුණ ජීවිත අහිමි කිරීමට හේතු වී තිබීම කෙතරම් කුරිරු ද? අපරාධයක් ද?

අපේ රටේ අනාගතය වන සිසුන් “ඊනියා සම්ප්‍රදාය හෝ හඳුනා ගැනීම්” යන මුවාවෙන් නිහඬව දුක් විඳින ආකාරය දැකීම හද කම්පා කරවන සුළුය. නවක වදය යනු චාරිත්‍රයක් නොවේ. එය අපගේ තරුණයින්ගේ ගෞරවය, අයිතිවාසිකම් සහ මානසික යහපැවැත්ම ප්‍රචණ්ඩ ලෙස උල්ලංඝණය කිරීමක්  සහ ඇතැම් නවක වද දෙමාපියන්ට දරුවන් අහිමි කරවීමක් බව අපි තරයේ ප්‍රකාශ කරමු.

1998 අංක 20 දරන අධ්‍යාපන ආයතන තුළ නවක වදය සහ අනෙකුත් ආකාරයේ ප්‍රචණ්ඩත්වය තහනම් කිරීමේ පනත බලාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය පියවර ගෙන ඇති බව අපි පිළිගන්නා අතර, මෑත කාලීන සිදුවීම් මගින් “නීතිය සහ ක්‍රියාත්මක කිරීම” අතර බරපතල පරතරයක් නිරීක්‍ෂණය වේ. ඇතැම් ආයතනවල අඛණ්ඩ නිහඬතාවය හෝ අක්‍රියතාවය මෙම අපයෝජන සංස්කෘතිය පාලනයකින් තොරව වර්ධනය වීමට ඉඩ සළසයි.

එමනිසා, ඔබ නායකත්වයෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ;

■ ස්වාධීන අධීක්ෂණ ආයතන පත්කිරීම ඇතුළුව සියලුම අධ්‍යාපන ආයතන පුරා පවතින “නවකවදය විරෝධී පනත” දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම.

■ පාසල් සහ විශ්වවිද්‍යාල තුළ “ආරක්ෂිත සහ රහසිගත වාර්තාකරණ යාන්ත්‍රණ ස්ථාපිත කිරීම”. එහිදී වින්දිතයින් සහ සාක්ෂිකරුවන් බියෙන් තොරව අපයෝජන වාර්තා කරයි.

■ නවක වදය සහ හිරිහැරවලට ලක්වූවන් සඳහා වෘත්තීය මනෝවිද්‍යාත්මක සහ නීතිමය සහාය සේවා සැපයීම.

■ නවක සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා වන නවක නම්යිකරණය කිරීමේ වැඩසටහන් වලට

   අනිවාර්ය “නවක වදය විරෝධී අධ්‍යාපනය සහ මානව හිමිකම් පිළිබඳ දැනුවත්භාවය” ඇතුළත් කිරීම.

■ සුදුසු අවස්ථාවලදී විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළුව වාර්තා වූ සිද්ධීන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන ආයතන වගකිව යුතු බවට පත් කිරීම. 

■ කවර ආකාරයකින් හෝ නවක වදය ක්‍රියාවට නංවන සිසුවෙක් හෝ කණ්ඩායමක් වේ නම් “ඔවුන් ඇතුලත්වන සියලු ශිෂ්‍යාධාර කපාහැරීම සහ නවාතැන් පහසුකමි පවා අහිමි කිරීම”.

■ වචනයේ පෙණුමෙන් ම “වදයක් වන නවක වදය” වහා අහෝසිකර, ඒ වෙනුවට, නවක සිසු සිසුවියන් පිළිගැනීමෙහි ලා “සහෝදරත්වයේ නැවුම් පිළිගැනීම” යනාදි වශයෙන්, බොහෝ මානූෂීය සහ පරමාදර්ශී හඳුනා ගැනීමක් හඳුන්වා දීම බොහෝ කාලෝචිත ප්‍රසන්න පියවරක් වන බැවින් ඒ සඳහා පියවර ගැනීම.

අල්ලස" දූෂණය" ප්‍රචණ්ඩත්වය සහ මර්ධනය මෙන්ම මිනිස් ජීවිත වඩාත් හෑල්ලුවට ලක්වු පවතින සමාජ ක්‍රමය පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක විය යුතු අතර" ළමා - තරුණ සහ කාන්තා හිංසනයට එරෙහිව ක්‍රියා කිරීම ඔබගේ ක්‍රියාකාරකම්වල ප්‍රමුඛතාවය කර ගත යුතු කාලය එළැඹ ඇත. මන්ද" මෙි ආකාරයට තරුණ - ළමා ජීවිත අහිමි වීම රටේ අනාගත පැවැත්ම සහ අභිවෘද්ධියට පමණක් නොව විශාල කැපකිරීම් තුළින් දරුවන් තැනූ" ඔවුන් බිහිකළ දෙමාපියන් හට කරනු ලබන ඉතා නින්දිත පහරකී. දරාගත නොහැකි පාඩුවකි. එකී ශාපරාධී ක්‍රියාව සමස්ත ජීවිතවලට ඍජුවම බලපායි.

එබැවින්" පාසල" විශ්ව විද්‍යාලය හෝ අධ්‍යාපනය ලබාදෙන වෙනත් ඕනෑම ආයතනයකින් දැනුමෙන්" ගුණධර්මවලින් හා මනා පෞර්ෂයකින් යුතුව සිසුවකුගේ හෝ තරුණයෙකුගේ ජීවිතය අනාගතය භාරගැනීම සඳහා නිර්මාණය කළ යුතු වෙනුවට" ත්‍රාසයේ සහ බිය උපදවන තැනක් හෝ තම ජීවිතය විනාශය කරා යාමට ගුරුවරු හෝ තවත් එවැනිම සිසුන් කණ්ඩායම් විසින් ප්‍රවේශ කරවීමේ මුග්ධ සහ ශාපරාධී සරදම" සබරගමුව විශ්වවිද්‍යාලයේ නරුම සිසුන්ගේ නවක වදයේ අකාරූණීක බිල්ල වූ තරුණ පුතුගේ ජීවිත පූජාවෙන් සහ කොටහේන හින්දු විදුහලේ පාපතර ගුරුවරයා බිළිගත් සිසු දියණියගේ ජීවිත පූජාවෙන් තිත තබන්නට අප්‍රමාදව ගත යුතු සියලු නිසි පියවර ගන්නා ලෙසට අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

ගරු ජනාධිපතිතුමනි" අගමැති තුමියනි" අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිතුමියනි"

ශ්‍රී ලංකාවේ ප්‍රාථමීකයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සෑම සිසුවෙකුටම කිසිඳු භේදයකින් හා බියකින් තොරව" පරිපූර්ණ අධ්‍යාපනයක් ලබාගැනීමේ ඇති අයිතිය" නිසි ගෞරවය හා ලැබිය යුතු ආරක්‍ෂාj" තවදුරටත් තර්ජනයට හා බිළිදීම්වලට ලක් නොවී ආරක්ෂාකර දීම සඳහා" ජනතාව විසින් පත්කරගනු ලැබූ ආණ්ඩුවක් වශයෙන් කල්යල් නොබලා කඩිනමින් අවශ්‍ය සුදුසු ම පියවර ගන්නා ලෙස අප මහත් ඕනෑකමින් සහ ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි - මෙයට,

ක්‍රිස්තියානි කාන්තා හඬ ව්‍යාපාරය  - Movement of Christian Women’s Voice (MoCWV)                                     

දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරිය

මෙලනි මානෙල් පෙරේරා මෙය

සම කැඳවුම්කාරිණියන් සමග ¦

ෂාමණි නිරෝෂා පැවිදි සොයුරිය  -  ශිරෝමි ප්‍රනාන්දු පැවිදි සොයුරිය -  ක්‍රිෂාන්ති රොබට් පැවිදි සොයුරිය   -   මේරියන් ප්‍රනාන්දු පැවිදි සොයුරිය   -   ෂමින්දනි ප්‍රනාන්දු පැවිදි සොයුරිය  -  බර්නි ද සිල්වා පැවිදි සොයුරිය ^පිලිපීනය& -  සුජීවා ගුණතිලක පැවිදි සොයුරිය, පිලිපීනය  -   දමිතා ද සිල්වා පැවිදි සොයුරිය ^ප්‍රංශය&  - ෂන්දිකා පෙරේරා පැවිදි සොයුරිය, නදීෂා හංවැල්ල  -   දුලීකා නෝනිස්   -      ශිරාණි කුරේ  -   රොසිටා ප්‍රනාන්දු   -   ශිවන්ති ප්‍රනාන්දු  -  ජසින්තා  සුබසිංහ ^ඉතාලිය& -  ලවීනා හසන්ති  -  ජෙනී පරමේෂ්වරම්  -  මනාෂා පීරිස්  -  නිල්මිණි නෝනිස්  - ශිවන්තිකා පෙරේරා   -   නිෂානි පෙරේරා  - නිමන්ති ප්‍රනාන්දු(ඔිස්ටේ්‍රලියාව)  -  තරුෂි දිශාරා