හිටපු ඇමැති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් සෝපානයක හිරවී මියගිහින්

nimal-siripala-silva

හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසේ සෝපානයක සිරවීමෙන් එම නිවසේ සේවිකාවක මරණයට පත්ව තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ එම නිවසේ සේවය කළ 68 හැවිරිදි කාන්තාවක බව බොරැල්ල පොලිසිය පවසයි.

නිවසෙන් පිටත පිහිටා ඇති විදුලි සෝපානයෙන් බිම්මහලේ සිට ඉහළ මහලට යෑමේදී හිස එළියට දමාගෙන යෑමෙන් කොන්ක්‍රීට් කණුවක හිස

ගැටීමෙන් මෙම මරණය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

සුජීව තත්සර (දිවයින)