ලෝක සමාජ මාධ්‍ය දිනය 2025: නිදහස, වගකීම ඇතුලු මානව අයිතිවාසිකම් පිළිබඳ ගැඹුරු සංවාදයක අවශ්‍යතාව පිළිබඳව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ (IMA), කැදවුම්කරු, සම්පත් සමරකෝන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, ලෝක සමාජ මාධ්‍ය දිනය (World Social Media Day) 2025 (ජුනි 30) ලොව පුරා යම් පමණක මට්ටමකින් සමරනු ලබන අවස්ථාවේ, සමාජ මාධ්‍ය භාවිතයේ නිදහස, වගකීම ඇතුලු මානව අයිතිවාසිකම් පිළිබඳ ගැඹුරු සංවාදයක්, ශ්‍රී ලංකාවේ අපට අතිශය දැඩි අවශ්‍යතාවයක් ලෙස කරළියට පැමිණ තිබේ. ඒ බව, අන්තර්ජාල නිදහස, ඇතුලු ඩිජිටල් අයිතිවාසිකම් පිළිබද ක්‍රියාකරන අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) වන අප ඉතාමත් දැඩිව අවධාරණය කරයි.
සමාජ මාධ්‍ය, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළත් ගෝලීය වශයෙනුත් දුස් තොරතුරු, වෛරී ප්‍රකාශ, අදහස් ප්‍රකාශනයේ නිදහසට එල්ලවන බාධා සහ සත්‍ය - අසත්‍යය අතර සංකීර්ණ අරගලයක කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. කෙසේ නමුත් මිනිසාගේ එදිනෙදා සමාජ-දේශපාලන ක්‍රියාකාරීත්වයට මෙම තාක්ෂණික සන්නිවේදන විප්ලවය ශ්‍රී ලාංකික සමාජය තුළ බලවත් බලපෑමක් ඇති කර තිබේ. ඒ අතර සමාජ මාධ්‍ය වගකීම් සහගතව භාවිතා කිරීමේ අවශ්‍යතාවයත් ඒ පිළිබදව වන සාක්ෂරතාවයේත් ඇති අවශ්‍යතාවය පසුගිය වසර කිහිපයට වඩා වර්තමානය වන විට වඩා හොදින් දැනෙමින් තිබේ. එය එසේ වී ඇත්තේ මිනිසාට සිතා ගැනීමට පවා නොහැකි වේගයකින් දියුණු වෙමින් පවතින උත්පාදක කෘතීම බුද්ධිය(Generative AI) ඇතුලු තාක්ෂණික කලාපයන් සමාජ මාධ්‍ය සමග සම්බන්ධ වීමය.
කෙසේ නමුත් ප්‍රධාන අභියෝග කිහිපයක් අප හමුවේ තිබේ.
දුස්තොරතුරු (Disinformation) හා භයංකර ප්‍රකාශ (Dangerous Speech) : ආගමික හා දේශපාලන උණුසුම්කාරී මත ඇති කිරීමට සමාජ මාධ්‍ය යොදා ගැනීම.
නීතිමය පාලනය: සමාජ මාධ්‍ය ඇතුලු අන්තර්ජාල අවකාශයන් නියාමනය ට නව නීති පැනවීම හරහා හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ලවන බලපෑම්.
පෞද්ගලිකත්වය (Privacy): පෞද්ගලිකත්වයට බලපාන ඩිජිටල් අධීක්ෂණය ඇතුලු තත්ත්වයන්
අන්තර්ජාල නිදහස (Internet Freedom), Digital Rights : ආණ්ඩුවල ප්‍රතිපත්ති, නීති හරහා අන්තර්ජාල නිදහසට එල්ලවන බලපෑම
උත්පාදක කෘතීම බුද්ධිය (Generative AI): උත්පාදක කෘතීම බුද්ධිය හරහා නිශ්පාදනය කරන Deep Fake Content සමාජ ජීවිතයට එල්ලකරන
බලපෑම
මෙවැනි අභියෝග හමුවේ, විවෘත, විනිවිදභාවයකින් සහ මාන අයිතිවාසිකම් මත පදනම් වූ සමාජ වගකීමක් සහිත සමාජ මාධ්‍ය පරිසරයක්, සමාජ මාධ්‍ය පරිශීලකයෙක් ගොඩනැගීමේ අවශ්‍යතාව තීව්‍රව දැනෙයි. ඒ සදහා ආණ්ඩු, සිවිල් සමාජය, සමාජ මාධ්‍ය වේදීකාවන් ඇතුලු ක්ෂේත්‍ර අතරවන සම්බන්ධයත්, විශේෂයෙන් සමාජ මාධ්‍ය වේදිකාවල වගකීම සහ විනිවිදබාවයත් පිළිබද ගැඹුරු සාකච්ඡාවක් අපට අවශ්‍ය වනු ඇත. එසේම ශ්‍රී ලංකාවේ Online Safety Act වැනි, ජනතාවගේ ප්‍රකාශනයේ නිදහසට බරපතල ලෙස බලපාන මර්දන නීති අහෝසි කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් මත පදනම්ව ක්‍රියාකිරීමට ආණ්ඩුවට බලකිරීමටද පුරවැසියන්ගේ හඩ අවදි කල යුතුයැයි අප විශ්වාස කරමු.
සමාජ මාධ්‍ය යනු නිදහසේ හඬක් විය යුතුය – එහෙත් එය ‘සමාජ වගකීමෙන්’ යුතුව භාවිත කළ යුතුය. ප්‍රකාශනයේ නිදහසට තර්ජනයන් වන නීතිමය බාධාවලට එරෙහිවත් - අන්තර්ජාල නිදහස ඇතුලු ඩිජිටල් අයිතිවාසිකම් පදනම් කරගත් දියුණු, ආචාරධාර්මික සන්නිවේදන පද්ධතියක් වෙනුවෙන් හඩ නැගිය යුතුය. ක්‍රියාකළ යුතුය. ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය.