මේ පළාත්වල අද (22) උණූසුම දැඩිවේ

මේ පළාත්වල අද (22) උණූසුම දැඩිවේ

අද දින(22) දිවයිනේ දිස්ත්‍රික්ක 13කට දැඩිව දැනෙන පරිදි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයඇතුළු පළාත් වලට මෙම උණුසුම් කාලගුණය පවතින බවද සඳහන් කරයි.

මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පැවතිය හැකි බවත් එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු බවත් කාළගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර,  එම ප්‍රදේශවල ජනතාව ජලය ප්‍රමාණවත් ලෙස පානය කළ යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.