ඉදිරි මාස කිහිපයේදී ඖෂධ වර්ග 231 ක් ලැබීමට නියමිත බව කියයි

ඉදිරි මාස කිහිපයේදී ඖෂධ වර්ග 231 ක් ලැබීමට නියමිත බව කියයි

ඉදිරි මාස කිහිපය තුළ විවිධ ක්‍රම ඔස්සේ ඖෂධ වර්ග 231 ක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  පැවති සාකච්ඡාවකදී අනාවරණය විය. ඉන්දීය ණය ආධාර ,චීන මානුෂීය ආධාර, දේශීය නිෂ්පාදන, හදිසි මිලදීගැනීම්, ආසියානු ආයෝජන බැංකුවේ ණය සහනාධාර, රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා ඇතුළු ක්‍රම ඔස්සේ මෙලෙස ඖෂධ ලැබීමට නියමිත බව මෙහිදී අනාවරණය විය.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී  පැවති සාකච්ඡාවක දී මේ බව අනාවරණය විය. විශේෂයෙන් ගෝස් ,පුළුන්, සේලයින් ,dextrose ජලභීතිකා ඔෂධ, සර්ප විෂ සඳහා ලබාදෙන ඖෂධ, දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය නැවැත්වීමට ලබාදෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මේ වනවිට රට තුළ පවතින බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී. ආර්. කේ. හේරත් මහතා මෙහිදී කීය.