ගුරුවරුන්ට 2500 දෙන්න කැබිනට් අනුමැතිය ලැබෙයි

ගුරුවරුන්ට 2500 දෙන්න කැබිනට් අනුමැතිය ලැබෙයි

සියලුම පෙර පාසල් ගුරුවරුන්ට මාසිකව රුපියල් 2500ක දීමනාවක් ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31දා) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ. මේ අනුව මෙතෙක් මාසිකව රුපියල් 250ක දීමනාවක් හිමිවූ පෙර පාසල් ගුරුවරුන්ට මාසිකව රුපියල් 2500ක දීමනාවක් ලැබීමට නියමිතයි.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි.

සියලුම පෙර පාසල් ගුරුවරුන්ට මාසිකව රුපියල් 2500 දීමනාවක් ලබාදීම ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයටද ඇතුළත් වී තිබුණි.