ලංකාවේ 30% ආහාර අනාරක්ෂිතභාවයට - WFP සහ USAID ආධාර

ලංකාවේ 30% ආහාර අනාරක්ෂිතභාවයට - WFP සහ USAID ආධාර

එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහනේ, භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුමේ වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට තිහකට ආසන්න පිරිසක් මේ වන විට ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දී සිටිති. අඛණ්ඩ මුලපිරීම් මෙන්ම නව අරමුදල් සහ ආහාර නැව්ගත කිරීම් හරහා, එක්සත් ජනපදය මෙම අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය, WFP සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ කටයුතු කරයි. ශ්‍රී ලංකා රජයේ ජාතික පාසල් ආහාර වැඩසටහනට සහාය වීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් අරමුදල් සපයන ලද සහල් මෙට්‍රික් ටොන් 600 ක මූලික තොගයක් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ලබාදීම සිදුකර ඇත.

මෙම නැව්ගත කිරීම USAID සහ WFP විසින් සිදුකරන ලද විශාල ආහාර ආධාර වැඩසටහනක කොටසකි. එයට ශක්තිමත් සහල් මෙට්‍රික් ටොන් 3,950ක්, රතු පරිප්පු මෙට්‍රික් ටොන් 768ක්, සෝයා මෙට්‍රික් ටොන් 1,188ක් සහ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 2,310ක් සැලසුම් කර ඇත. මෙම ආධාරය ළමුන් මිලියන 1.7 කට මෙන්ම ගර්භනී සහ කිරි දෙන මව්වරුන් 300,000 කට පාසල් ආහාර සහ පෝෂණ අතිරේක ලබා දීමට උපකාරී වේ.

එක්සත් ජනපද තානාපති කාර්යාල විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.