ඇහැළියගොඩ ඇඟලුම් කම්හලක 43කට කොවිඩ් පොසිටිව්

ඇහැළියගොඩ ඇඟලුම් කම්හලක 43කට කොවිඩ් පොසිටිව්

ඇහැළියගොඩ දිවුරුම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී නිවෙස් නිරෝධායනය සඳහා යොමුකර සිටි 43 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට අද (27) හඳුනා ගෙන තිබේ.

ඒ, මීට දින 3කට පෙර සිදුකර තිබූ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අද දිනයේ පැමිණීමත් සමග බැව් අප වාර්තාකරු කියයි.

මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1200ක් පමණ පිරිසක් සේවය කරන අතර ඔවුන්ව පසුගියදා නිරෝධායන සඳහා යොමු කර තිබුණි.

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පිරිස ඇහැළියගොඩ, කුරුවිට, වේයන්ගොඩ, දෙහිඕවිට, අවිස්සාවේල්ල, යටියන්තොට, රත්නපුර, පාදුක්ක, බෝකුන්දර, කොස්ගම, හෝමාගම, කරවනැල්ල ආදී ප්‍රදේශවල නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි පිරිසකි.

කොවිඩ් -19 ආසාදිත මෙම රෝගීන් සියලුදෙනා කහවත්ත සහ ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

අදාළ කර්මාන්ත ශාලාවේ තවත් පිරිසකගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමට නියමිතය.