හම්බන්තොට මන්ද පෝෂණ තත්ත්වය  සියයට 80 දක්වා ඉහලට

හම්බන්තොට මන්ද පෝෂණ තත්ත්වය  සියයට 80 දක්වා ඉහලට
  • බලධාරීන් විසින් විද්‍යාත්මක අධ්‍යයනයක් වහා කල යුතුය.
  • කොළඹ දේශපාලකයින් දකිනවට වඩා ගමේ තත්ත්වය භයානකයි

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරයහි සභාපති වෛද්‍ය චමල් සංජීව ඉල්ලයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, සුරියවැව  වැනි කලාපවල සිදුකළ සමාජ අධ්‍යයන වලට අනුව ඇතැම් කලාපවල මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන පවුල් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බව හෙළි වී ඇත. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පසුගියදා සිදුකල සමාජ මත විමසුමකට අනුව උග්‍ර මන්ද පෝෂණය සහිත දරුවන් සියයට 30 ක්ද, මන්ද මන්ද පෝෂණය සහිත දරුවන් සියයට 50 ක් පමණ සිටින බව හෙලි වී ඇත. ගර්භණී මව්වරුන් සහ තරැණියන් අතරද ශරිර ස්කන්ධ දර්ශකය සිග්‍රයෙන් අඩූවන බවද හෙළි වි ඇත.

මෙය ඉතා බරපතළ තත්ත්වයක් වන අතර  මෙවන විට ස්‍යෙඛ්‍ය මෙන්ම අධ්‍යාපන  කටයුතු වලට පවා දරුවන් සහභාගී වීම කැපීපෙනෙන ලෙස අඩුවී ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

ගර්භනීය අවධියේදී අම්මාවරුන් මන්දපෝෂණයට ගොදුරු වීම නිසා හඩු පත් සහිත දරුවන් ද දරු උපතේදී දරුවන් මිය යාම සහ ගබ්සා වීම ආදියට ඔවුන් ගොදුරු වන  කිරි දෙන සමයේ දී  අම්මාවරුන් මන්ද පොෂණයෙ ගොදුරු වීම නිසා අම්මා වරුන්ගේ මෙන්ම දරුවන්ගේ ද පෝෂණ තත්ත්වය දැඩි ලෙස අවදානමට ලක්වන බව වෛද්‍ චමල් සංජීව මහතා වැඩිදුරටත් පැවසීය

මේ වන විට ඉහළ ගොස් ඇති ආහාරවල මිල සමඟ බොහෝ පවුල්වල සාමාජික සාමාජිකාවන් බිත්තර මස් මාළු කිරි එළවළු හා පලතුරු වෙනුවට වෙනත් කුමන හෝ අමතර ආහාරයක් ලබා ගැනීමෙන් බඩගින්න වලකින්න පමණක් සංසිදුවා ගැනීමට උත්සාහ දරන බවද  මෙම  කලාප වල වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සිදුකරන ලද ගවේෂණාත්මක  සමාජ සමීක්ෂණ වලදී අනාවරණය වී ඇත

මේ අතර ඇතැම් පවුල්වල සාමාජිකයින් ප්‍රකාශ කොට ඇත්තේ තමන් මාස එකහමාරකින් විතර බිත්තර, මාළු, කෑල්ලක් දුටුවේ නැති බවයි. මන්දපෝෂණය තත්ත්වයට සමගාමී ලෙස දරුවන් පාසල් යෑමද අඩූවී  ඇති අතර ප්‍රවාහන අර්බුදය නිසා අද බොහෝ දරුවන්  පාසල් වෙත නොයවන තත්වයන් නිරීක්ෂණය වී ඇත.

විශේෂයෙන්ම පවුලේ සාමාජික සාමාජිකයන් කිහිපදෙනෙකු පාසල් යන විට ඔවුන් සියලු දෙනාම පාසල් නොයෑම මෙන්ම දරුවන් විශේෂ පෝෂණ සායන හෝ විශේෂඥ සහන වලට කැඳවාගෙන එන ලෙස ප්‍රකාශ කරන අවස්ථාවන්වලදී ප්‍රවාහන සඳහා විශාල මුදලක් වැය වෙන බැවින්  ඒ සඳහා දෙමව්පියන් පෙළඹීමක් නොමැති බවද මෙම සමීක්ෂණයේ දී හෙළි වී ඇත.

දරුවන්ගේ වර්ධක  සටහන් ඇසුරෙන් ඉතා පැහැදිලිවම මෙම ප්‍රදේශවල මන්දපෝෂණ තත්ත්වය වැඩිවන බව පෙනී යන බවද වෛද්‍ය චමල් සංජීව  මහතා ප්‍රකාශ කළ අතර මේවා සම්බන්ධව කොළඹ සිට අදහස් දක්වන දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් දැන් කළ යුත්තේ දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් පැතිර යන මේ අනතුරුදායක තත්ත්වය කෙරෙහි වහ වහා අවධානය යොමු කිරීම බව පැවසීය.

එසේම බොහෝ රාජ්‍ය නොවන ආයතන ද ජනමාධ්‍ය ආයතන දැමිය අවස්ථාවේදී තම වෘත්තිය සමිති සන්ධානය හරහා තෝරාගත් දිස්ත්‍රික්කවල මෙම ග්‍රාමීය මන්දපෝෂණ තත්ත්වයද  දිළිඳුභාවය පිටුදැකීමේ පිළිබඳ  වැඩසටහන් සඳහා සම්බන්ධ වන ලෙස ඒ මහතා විවෘත ආරාධනයක්  සිදුකළ අතර, කොළඹ විශාල වශයෙන් සිවිල් සංවිධාන,  සහ රාජ්‍ය නොවන ආයතන පවතින නමුත් මේවා මාධ්‍ය සංදර්ශනවලින් ඔබ්බට ගොසින් පවතින ප්‍රශ්න වලට විසදුම් ලබා දීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය

වෛද්‍ය හා  සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානය දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මොණරාගල කලාප  තුල ප්‍රජා මූලික දිළිඳුකම පිටුදැකීමේ ප්‍රායෝගික වැඩ සටහන් ආරම්භ කර ඇති අතර ඒ සඳහා ප්‍රදානයන් ලබාදීම සඳහා මාධ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන වෙතින් මේ මහතා ඉල්ලීමක් සිදු කළේය

0772373766 දුරකථන අංකය හරහා මේ සඳහා සම්බන්ධ වන ලෙසද ඒ මහතා පැවසීය.

ඉන්ධන සහ විදුලි බිල ද ජල බිල්පත ඉහළ යාම නිසා මෙම කලාපවල වගා  කටයුතු සඳහා ද මේ වන විට සෘජු බලපෑමක් එල්ල වී ඇති නිසා බොහෝ දෙනා ඉතා අපහසුවෙන් ජීවත්වන බවත් හෙළි වීඇත.

පාසල් අධ්‍යාපනය අහිමි  දරුවන් ඉහල යාම  අවදානම නිසා ඉදිරි කාලයේ බොහො සමාජ  දුෂ්කරතාවන්ට මුහුණ පැහැති බැවින් කොළඹ කේන්ද්රකොට ජීවත්වන දේශපාලන බලධාරීන් සහ  නිළධාරින් ගම  ගැන වැඩි සැලකිල්ල දැක්විය යුතු බව ද සඳහන් කළෙය.

දේශපාලකයින් හා  නිලධාරීන් අවුරුදු ගණනකින් තමන්ගේ ගමට නොපැමිණි බවද ජනතාව සඳහන් කොට ඇත