රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන අලුත් කතාවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන අලුත් කතාවක්
මූල්ය අර්බුදය හේතුවෙන් මාසිකව රජයේ වැටුප් බිල ගෙවා ගන්න තරම්වත් ප්රමාණවත් ආදායමක් නො ලැබෙන බව ප්රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන පවසයි.
 
පොල්ගහවෙල කුරුණෑගල දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්රී අශෝක් අබේසිංහ විමසූ ප්රශ්නයක පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
 
එහි දී ප්රවාහන අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේ, රාජ්ය ආදායම මේ තරම් ප්රමාණයක් ඇන හිටීම හේතුවෙන් මේ වර්ෂයේ ගෙවිය යුතු විශාල ගෙවීම් තොගයක් මුදල් ගෙවා ගැනීමට නො හැකිව සිටින බවයි.
 
ඒ සඳහා නිදසුන් දෙමින් අමාත්යවරයා කියා සිටියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ නිම වූ ව්යාපෘතිවලට අදාල රුපියල් බිලියන සියයකට අධික ගෙවීම් කිරීමට ඇති බවයි.
 

එමෙන්ම ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහනට අනුව මූල්ය විනය පවත්වා ගැනීමේ කොන්දේසිය මත් මෙම ගැටලුව විසඳීම සඳහා මුදල් අච්චු ගැසීම සිදු කළ නො හැකි බව ද ඔහු මෙහි දී කියා සිටියේය.