සේවක වන්දි කෝටි 845ක් හිරකරගෙන

සේවක වන්දි කෝටි 845ක් හිරකරගෙන

 සේවා යෝජකගෙන් අයකරගත් රුපියල් කෝටි අටසිය හතළිස් පහක වන්දි මුදලක් සේවකයන්ට නොගෙවා කම්කරු දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ඇති බව විගණකාධිපතිවරයා අනාවරණය කරයි.

සේවයේ නියුක්තව සිටියදී වූ අනතුරු වෙනුවෙන් සේවකයින්ට ගෙවීම සඳහා වන්දි කොමසාරිස් කාර්යාලය මගින් මෙම මුදල් අය කරගෙන ඇත.

පසුගිය වසර (2019) අවසාන වන විට මෙලෙස කෝටි 845ක මුදලක් කම්කරු දෙපාර්තමේන්තුවේ රඳවාගෙන තිබී ඇත. සේවකයන් හා ඔවුන්ගේ යැපෙන්නන්ගේ නිවැරදි තොරතුරු නොමැති වීම හා ප්‍රතිලාභීන්ගේ වන්දි ගෙවීමට අදාළ ලිපිලේඛනවල අඩුපාඩු මෙම මුදල් නොගෙවීමට හේතු වී ඇතැයි ද වසර තුනක පමණ කාලයක් තිස්සේ පවතින මෙම ගැටලු සහගත තත්ත්වය නිරවුල් කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබූ බවද විගණකාධිපතිවරයා පවසයි.

සේවා යෝජකයන්ගෙන් අය කර ගත් රුපියල් විසි ලක්ෂයකට ආසන්න මුදලක් නියම යැපෙන්නන් සොයා ගැනීමට නොහැකි වීම මත රාජ්‍ය බැංකුවක ගිණුම් හයක තැන්පත් කර ඇතැයිද එම විගණන පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත.

මූලාශ්‍රය - අරුණ
වැඩබිම