රාජ්‍ය සේවයේ පුරප්පාඩු 9,000ක් සඳහා ජූනි මාසයේ තරඟ විභාගය පැවැත්වීමේ සූදානමක්

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 9,000ක් සඳහා ජූනි මාසයේ තරඟ විභාගය පැවැත්වීමේ සූදානමක්

දිවයින පුරා ග්‍රාම නිලධාරි පුරප්පාඩු 9,000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට පවතින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක වැඩ ආවරණය කිරීමට එක් නිලධාරියෙකුට සිදුව ඇති බවය.

පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට මේ වනවිට අයැදුම්පත් කැඳවා අවසන් ය.

එහෙත් තරග විභාගය පැවැත්වීම සඳහා මෙතෙක් හැකි වී නොමැත.

ලේකම්වරයා සඳහන් කළේ, විභාග දෙපාර්තමේන්තුව පසුගිය මාස කිහිපයේ කාර්ය බහුල වීම හේතුවෙන් ඒ සඳහා දිනයක් යොදා ගැනීමට නොහැකි වූ බවයි.

ඒ අනුව ලබන ජූලි මාසයේදි ඒ සඳහා වන තරග විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.