රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගය

රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගය
ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරීන් අද (22) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙ.
 
මේ සම්බන්ධයෙන් කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නියැලෙන බවයි.
 

මෙය පළමු පියවර ලෙසින් ක්‍රියාත්මක වන අතර දකුණු පළාතේ සියළුම කළමනාකරණ සේවා නිලධාරීන් ගාල්ල නගර මධ්‍යයේ දී උද්ඝෝෂණයක්ද පැවැත්වීමට සූදානම්වන බවත් කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය  පෙන්වා දුන්නේය.

1