ඊ  951 දරන ඇස්පාටේම් පැණි රසකාරකය ස්ථිරව පිළිකා ඇති කිරීමට සමත්

ඊ  951 දරන ඇස්පාටේම් පැණි රසකාරකය ස්ථිරව පිළිකා ඇති කිරීමට සමත්

ශ්‍රී ලංකාව තුල තහනම් කරන තුරු මහජනතාව අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරේ.

ඉහළ  ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දෙන රටවල් වල ආහාර සඳහා භාවිත  කිරීම තහනම් කොට තිබූ නමුත් මේ දක්වා ලංකාව තුළ භාවිතා කිරීමට අවසර තිබෙන පැණි රසකාරකයක් වන ඊ  951 දරන ඇස්පාටේම් නැමැති පැණි රසකාරකය මේ වන විට ස්ථිරව පිළිකා ඇති කිරීමට සමත් රසායනිකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කොට ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික රෝෂන් කුමාර මහතා පවසයි. එසේ වුවද මේ වන විට  ලංකාව තුළ එම පැණි රසකාරකය ආහාර වලට යෙදීම වළක්වාලීමට  අදාල බලධාරීන් අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා අනාවරණ කරයි.

එය ශ්‍රී ලංකාවේ පරිභෝජයෙන් යම් නෛතික ක්‍රියාවලියක් ඔස්සේ ක්‍රියාත්මක කරන  තෙක් එම පිළිකා කාරක සහිත අහාර මහජනතාව  විසින් අහාරයට ගැනීමෙන් වලක්වාලීම අත්‍යවශ්‍යය.ඒ සම්බන්ධව දැනුවත් කිරීම ඉතා වැදගත් ය. ඊ 951 දරන පැණි රසකාරක අඩංගු ආහාර මේ වන විට බහුලව වෙළඳපොලේ පවතී. ඒ අතර  කොළ පැහැති වර්ණය දක්වා ඇති (Traffic light system අනුව) පැණි බීම වර්ග බොහොමයක  / අඩු සීනි සහිත පැණි රස නිෂ්පාදන වල මෙම පැණි රසකාරකය බොහෝවිට අඩංගුව පවතී. එමෙන්ම විදේශීය රටවලින් අනවසරයෙන් මෙන්ම විවිධ ක්‍රම මගින් මෙරටට රැගෙනවිත් විකිණීම සිදු කරනු ලබන විවිධ වූ පැණි රස චොක්ලට් වර්ග lollipops මෙන්ම විදේශීය පැණි රස ආහාර හා බීම වර්ග  වල බොහෝ විට මෙම රසකාරකය  බහුලව දක්නට ලැබේ.

මේ අනුව දෙමාපියන් මෙන්ම වැඩි වැඩිහිටියන් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කර ස්ථිර පිළිකා කාරකයක් බවට තහවුරු කර ඇති ඊ 951 aspartame අඩංගු ආහාර ප්‍රතික්ෂේප කිරීමට උනන්දු වීම අත්‍යවශ්‍යව පවතී . එම aspartame යොදා ඇත්දැයි හඳුනා ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට ලේබලයේ අන්තර්ගත කරුණු පරික්ෂා කිරීමෙන් ට හැකියාව ලැබෙනු ඇත.එසේම සීනි භාවිත නොකළ යුතු පුද්ගලයන් ද සිය පැණිරස අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම සඳහා පැණි රසකාරකයක් ලෙස මෙම ඊ 951 aspartame පැණි රසකාරක භාවිත කිරීමට පෙර   දැන් දෙවරක් සිතීමට කාලය එළැඹ ඇත.දියවැඩියාව රෝගයෙන් පෙළෙන අතරතුර සීනි වෙනුවට මෙම අහිතකර, පිළිකා කාරක   ලබා ගැනීමෙන් තවත්  දරුණු රෝගී තත්ත්වයක් උරුම කරගන්නවා ද යන්න තෝරා බේරා ගැනීමට එම පුද්ගලයින්ටද  කාලය එළැඹ ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතා  පෙන්වා දෙයි.