සෞඛ්‍ය ලේකම්ගේ සාකච්ඡාවෙන් පසු, වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය ලේකම්ගේ සාකච්ඡාවෙන් පසු, වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය සේවාවට අදාළ ගැටළු මාධ්‍යට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍යය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට දිනයේ දී (03) සිදුකිරීමට නියමිත වූ වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා අද (02) දින සාකච්ඡාවක් කැඳවා තිබුණ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස හෙට (03) දින පැවැත්වීමට සිදුනම් කර තිබූ වැඩවර්ජනය තාවකාළිකව නැවැත්වීමට තීරණය කළ බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

ආයතන සංග්‍රහයේ විධිවිධාන යටතේ සහ වෘත්තිය සමිති ආඥා පනත පනතට අදාලව වෘත්තිය සමිති නායකයන් සඳහා ඇති අනුග්‍රහයක් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛ යෙහි සඟවා ඇති බව වෘත්තිය සමිති පාර්ශ්වයෙන් චෝදනාවක් සේ නමුත් අද දින සාකච්ඡාවේදී ආයතන සංග්‍රහයට අනුකූලව සහ වෘත්තීය සමිති නායකයන් සහ වෘත්තීයවේදී ආයතන වල ආයතනවල ප්‍රධානීන්ට ඇති අයිතිය තමන් උල්ලංඝණය  නොකරන බවත්, ඒ අයිතිය වෘත්තිය සමිති වලට තවදුරටත් තිබෙන බවත් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී ප්‍රකාශ කොට තිබුණා.

ඒ අනුව අදාළ චක්‍රලේඛය සාමාන්‍ය සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට පමණක් බලපවත්වන බවත් වෘත්තිය සමිති නායකත්වය සඳහා ඇති අනුග්‍රහ යන්හි කිසිදු වෙනසක් නොමැති බවත් ලේකම්වරයා සමඟ ඇතිකරගත් එකඟතාවයට අදාළ වේ එසේ නමුත්, අදාල එකඟතාවය කඩ කඩකරමින් වෘත්තිය සමිති දඩයම් කිරීමට උත්සාහ ගන්නා ඕනෑම අවස්ථාවක හෝ අනවශ්‍යය විමර්ශන කැඳවමින් වෘත්තිය සමිති පීඩාවට පත් කරන ඕනෑම අවස්ථාවක නැවත අතීත වූ වර්ජනය ක්‍රියාමාර්ගය දෙයක් කිරීමට සිදුවන බව වෘත්තිය සමිති විසින් එහිදී අවධාරණය කර තිබෙනවා.

එසේම වෘත්තිය සමිති මර්දනය කිරීම සඳහා තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවත් සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් අදහස් දැක්වීමේ දී  සැලකිලිමත් වෙන ලෙස පමණක් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී ඉල්ලා සිටිනු ලැබුවා.

සැබැඳි පුවත්

කෙසේ නමුත් මේ පිළිබඳව වෘත්තිය සමිති සහ සෞඛ්‍යය ලේකම්වරයා අතර ලිඛිත එකඟතාවයකට පැමිණීම හේතුවෙන් හෙට දවසේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවීමට  වෘත්තීය සමිති කමිටුව තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් සහ රෝගීන්ගේ අයිතිය වෙනුවෙන් ලාපොරොත්තු වෙන බවත්, සෞඛ වෙනත් ඉලක්කයක් එහි නොමැති බව වෘත්තිය සමිති විසින් එහිදී අවධාරණය කර තිබෙනවා.