EPF එකෙන් 30% ගන්නවද?- මෙන්න දැන් ඔන් ලයින් බලන්න

EPF එකෙන් 30% ගන්නවද?- මෙන්න දැන්  ඔන් ලයින් බලන්න
සේවක අර්ථ සාධක අරමුදලෙන් 30% විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ලබාගැනීමට හැකිද යන්න අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර බැලිය හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
 
මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ http://www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සාමාජිකයින්ට අදාළ තොරතුරු ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි..
 

තමන් 30% ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් සපුරා තිබේද යන්න එහි සඳහන්වන බව කම්කරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර තිබේ.