සෞඛ්‍ය වෘත්තීකයින්ගේ වර්ජනය අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීකයින්ගේ වර්ජනය අත්හිටුවයි

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් විසින් අද (12) දිනයේ දියත් කිරීමට නියමිතවූ සංකේත වර්ජනය දින 7ක් දක්වා, තාවකාලිකව අත් හිටුවීමට තීරණය කරන ලද බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවි කුමුදේස් මහතා පවසා සිටියා.

ඒ (11) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සමග සිදුකල සාකච්ඡාවකින් අනතුරුව මෙම අදාල ගැටළු විසඳීමට ඇතිකරගත් එකඟතාවය මත,  වර්ජන ක්‍රියාමාර්ග සතියකින් අත් හිටුවීමට තීරණය කළ බවයි.