ගුරු අපේක්ෂාවෙන් සිටි තවත් පිරිසකගේ සිහිනය මල්ඵල ගැන්වෙයි

ගුරු අපේක්ෂාවෙන් සිටි තවත් පිරිසකගේ සිහිනය මල්ඵල ගැන්වෙයි
නැගෙනහිර පළාතේ ජාතික උසස් අධ්‍යාපන ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ ඩිප්ලෝමාධාරීන් 48 දෙනෙකු සඳහා පසුගිය 08 වෙනි දින ගුරු පත්වීම් ප්‍රධානය කර තිබෙන බව වාර්තා වේ.
 
පත්වීම් ලැබූ පිරිස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතාගෙන් අදාල පත්වීම් ලබාගෙන ඇත.
 


2017 වසරේ ජාතික උසස් අධ්‍යාපන ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ ඉංග්‍රීසි ඩිප්ලෝමා සිසුන් තම පත්වීම් සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ අදාළ බලධාරීන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ අතර එම ඉල්ලීමට අනුව  ආණ්ඩුකාරවරයාගේ නිර්දේශය පරිදි ඔවුන්ට ගුරු පත්වීම් මෙලෙස ප්‍රධානය කර තිබේ.