පළාත් පාසල් ගුරු පුරප්පාඩු සඳහා අයඳුම්පත් කැඳවයි

පළාත් පාසල් ගුරු පුරප්පාඩු සඳහා අයඳුම්පත් කැඳවයි

උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහන යටතේ රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් හා උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පුහුණුවට බඳවාගත් උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් උතුරු පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට තාවකාලික පදනම මත බඳවා ගැනීම සඳහා අයඳුම්පත් කැඳවා තිබේ.

රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක ED/02/29/21/A1/01/2020 හා 2021.12.31 වන දිනැති ලිපිය පරිදිද උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදිද, උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් ප්‍රදානය කරන ලද අනුමැතිය පරිදිද,උතුරු පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට තාවකාලික පදනම මත බඳවා ගැනීමට මෙම නිවේදනය මගින් නියම කර ඇථි කොන්දේසීන්ට යටත්ව සුදුසුකම් සපුරා ඇති හා මෙම නිවේදනය මඟින් ඉදිරිපත්කර ඇති 4.6 වන ඡේදය යටතේ සඳහන් කොටසට අන්තර්ගතවන පළාත් රාජ්‍ය සේවයට අයත් අයඳුම්කරුවන්ගෙන් අයඳුම්පත් කැඳවනු ලැබේ. පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා උතුරු පළාතට අයත් අයඳුම්කරුවන්ගෙන් ප්‍රමාණවත් අයඳුම්පත් නොලැබෙන විට පමණක් ලැබෙන අනෙක් අයඳුම්පත් පිළිබඳව සැළකිල්ලට ගැනීමට නියමිතව ඇති අතර දීපව්‍යාප්තව ලැබෙන අයඳුම්කරුවන් සඳහා මෙම නිවේදනයේ 4.2 (අ) අදාළවෙන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

 


 උපාධිධාරී ඔබට වැදගත් තවත් පුවත් කියවන්න...