ගුරු පුරප්පාඩු 8000ක් - පුරවන්න සූදානම්

ගුරු පුරප්පාඩු 8000ක් - පුරවන්න සූදානම්
දිවයින පුරා පළාත් පාසල් වල ගුරුවරුන් 8000කගේ ඌනතාවයක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
 
ගුරු පුරප්පාඩු 22,000 ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවද, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවද, හෙතෙම කියා සිටියි. 
 
මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී විජේරත්න  මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.