ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ - (සිංහල මාධ්‍ය) සම්බන්ධයෙන් වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ. වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ටී.බී වික්‍රමසිංහ මහතා විසින් මෙම නිවේදනය නිකුත්කොට තිබෙන අතර ගුරු අපේක්ෂාවෙන් සිටින ඔබට මේ නිවේදනය වැදගත්.
සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි..
ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ - (සිංහල මාධ්‍ය)
උක්ත බඳවා ගැනීම යටතේ වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත මාර්ගගත ක්‍රමය මඟින් සිංහල මාධ්‍යයෙන් අයදුම්පත් ඉදිරිපත් කළ උපාධිධාරී අභ්‍යාසලාභීන් හා සංවර්ධන නිලධාරීන් සඳහා සුදුසුකම් පරීක්ෂාකිරීමේ සම්මුඛපරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ 2022.08.22 වන දින සිට වයඹ පළාත් සභා කාර්යාල සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. අදාළ නාම ලේඛණ වරින් වර මෙම වෙබ් අඩවියේ (www.psc.nw.gov.lk) පළ කරනු ලැබේ. ඒ අනුව අයදුම්කරුවන් තමන්ට අදාළ දිනයේදී සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයට හා ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගී විය යුතු බව දන්වමි.
පහත සඳහන් ලේඛනවල මුල් පිටපත් සහ ඡායා පිටපත් වෙන වෙනම සකස් කරගෙන ඡායා පිටපත්වල''මුල් පිටපතෙහි සත්‍ය පිටපතක් බවට සහතික කරමි."යනුවෙන් ඔබ විසින් ලියා අත්සන් තබා නියමිත දින සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙනවිට රැගෙන ආ යුතුය .
බඳවා ගැනීමේ නිවේදනයේ සඳහන් ලකුණු ලබා දීමට අදාළ සහතික කිසිවක් සම්මුඛ පරීක්ෂණයෙන් පසුව භාර නොගන්නා බැවින්, අදාළ සියලු සහතික සම්මුඛ පරීක්ෂණය අවස්ථාවේම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.
බඳවා ගැනීමේ නිවේදනයේ සඳහන් ආකාරයට ප්‍රායෝගික පරීක්ෂණයද, සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදීම පැවැත්වෙන අතර එහිදී,
සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණීමේදී මෙම වෙබ් අඩවියේ පළ කර ඇති ප්‍රකාශ පත්‍රය ද සම්පූර්ණ කර රැගෙන ආ යුතු බවද කාරුණිකව සලකන්න.
ටී.බී. වික්‍රමසිංහ,
ලේකම්,
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව
