EPF, ETF ඇතුළු සමාජ ආරක්ෂණයන් මංකොල්ලය නතර නොකෙරුවොත්, කම්කරුවන් මහ මගට

EPF, ETF ඇතුළු සමාජ ආරක්ෂණයන් මංකොල්ලය නතර නොකෙරුවොත්, කම්කරුවන් මහ මගට
රුපියල් මිලියන 2000ට වැඩි වත්කම් සහිත සමාගම් මත 25%ක අධිභාර බද්දක් පැනවීමේ ගැසට්ටුවට අනුව ආණ්ඩුව විසින් කම්කරුවන්ගේ සමාජ ආරක්ෂණ අරමුදල කොල්ල කෑමට දරණ උත්සහයට විරෝධය දක්වමින් පොදු දේපල සහ මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවක් අද (11) පෙරවරුවේ ලංකා බැංකු සේවක සංගම් මූලස්ථායේ දී පැවැත්විණි. ඒ සඳහා පොදු දේපල සහ මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයේ සාමාජිකත්වය දරණ වෘත්තිය සමිතිවල ක්‍රියාකාරීන් සහභාගි වූ අතර ආණ්ඩුව විසින් ගැසට් කර ඇති 25%ක නව අධිභාර බද්ධට එරෙහිව සිය විරෝධය ප්‍රකාශ කළහ.
 
22
 
33 
මෙහි දී අදහස් දැක්වූ වෘත්තීය සමිති නායකයන් කියා සිටියේ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ නිර්වචනයන්ට මුවා වෙමින් කම්කරුවන්ගේ සමාජ ආරක්ෂණය කොල්ල කෑමට දරණ උත්සහයට කිසිදු මොහොතක ඉඩ නොදෙන බවයි. එලෙස ම 2011 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව  'දායක විශ්‍රාම වැටුප' නමින් අර්ථසාධක අරමුදල කොල්ල කෑමට ගත් උත්සතයේ දී, රොෂේන් චානක වැනි කම්කරු ක්‍රියාකාරීන් ජීවිතයෙන් වන්දි ගෙවමින් ආරක්ෂා කළ අතීතය ද මෙහි දී සිහිපත් කළෝය. ඒ අයුරින් එදා ආරම්භ වූ වෘත්තිය සටන් මාලාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2015 දී ගෙදර යවන්නට මූලාරම්භ වූ බැව් යළි සිහිපත් කරන ලෙස වෘත්තිය සමිති නායකයෝ ආණ්ඩුවට අවධාරණය කළහ.
 
තව ද මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වෘත්තීය සමිති නායකයින් කියා සිටියේ ආණ්ඩුව ගෙනා මෙම අධිභාර බද්ද ගැසට්ටුව හකුලා නොගන්නේ නම් වැඩබිම්වල සිට මහ මග දක්වා කම්කරුවන් සහ මහ ජනතාව ඒකරාශී වූ පුළුල් බලවේගයක් නිර්මාණය කරමින්, කම්කරුවන්ට අයිති සමාජ ආරක්ෂණය කොල්ල කෑමේ ආණ්ඩුවේ තැත සහමුලින් ම පරාජය කරන බවයි.
 
44
 
111