සෞඛ්‍ය අර්බුදයට විසඳුම් හොයන්න දොස්තර මන්ත්‍රීලා හා GMOA අතර සාකච්ඡාවක්

සෞඛ්‍ය අර්බුදයට විසඳුම් හොයන්න දොස්තර මන්ත්‍රීලා හා GMOA අතර සාකච්ඡාවක්

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ වෛද්‍යවරුන් වන සියලු මන්ත්‍රීවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී (18) දින පැවැත්විණ.

මෙම සාකච්ඡාවේදී විශේෂයෙන්ම සාකච්ඡා කර ඇත්තේ, විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් විදේශ ගත වීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවී ඇති ගැටලු සම්බන්ධවයි.

මෙම සාකච්ඡාවට වෛද්‍යවරුන්වන් මහාචාර්ය චන්න ජයසුමන, රමේෂ් පතිරණ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජිත සේනාරත්න, තිස්ස විතාරණ, සීතා අරඹේපොල, තිලක් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, ගයාෂාන් නවනන්දන, කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුද රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ නියෝජිත පිරිසක්ද සහභාගීවූහ.

ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරු තවත් ක්ෂේත්‍රවල පිරිස් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.