“කාන්තා හිංසනය හා ප්‍රචන්ඩත්වය ILO 190 සම්මුතිය“ ගැන දැනුවත් කිරීමේ වැඩසහනක්

Previous Next

 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වැඩකරන ලෝකයේ කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහිව සිදුකරන හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය එරෙහි දින 16ක වැඩසටහන් නොවැම්බර් මස 25 දින සිට දෙසැම්බර් 10 දින දක්වා ලෝකය පූරා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

කාන්තා හිංසනය හා ප‍්‍රචණ්ඩත්වයට ආරක්ෂක ආවරණයක් සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය 2019 ජූනි මාසයේ 108 වන සැසියේදී සම්මත කරගන්නා ලද, (C190) වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධව සම්මුතියක් සම්මත කරගන්නා ලදි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කරගන්නා ලදි (C190) වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ සම්මුතිය ලංකාවේ කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා මහඟු රුකුලක් වන බැවින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළද එම පනත සම්මත කරගැනිමේ වැදගත් කමත් හා ඒ පිළිබඳව දැනුවත් කිරිම සඳහා මෙම වැඩමුළුවේ එක් අරමුණක් ද වේ.

එම ජාත්‍යන්තර වැඩසටහනට අදාළව සංගමය සමස්ත ලංකා රාජ්‍ය කළමණාකාරණ සහකාර නිලධාරින්ගේ සංගමය විසින් පසුගිය 04වන දා රාජ්‍ය, පුද්ගලික හා අවිධිමත් අංශයේ සේවක සේවිකාවන් සඳහා මෙම සම්මුතිය සම්බන්ධව දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් පවත්වන ලදි.

එහිදී විධිමත් අංශය තුළ කාන්තාවන් තුළ හිංසනයට ලක්වන්නේ කෙසේද? හා  අවිධිමත් අංශය තුළ කාන්තවන් හිංසනයන් ලක්වන්නේ වන්නේ කෙසේද? යන මාතෘකා දෙක ඔස්සේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී අශෝකා බාලාසූරිය හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ශිරෝමා හේරත් මහත්මියන් විසින් දේශණ දෙක පවත්වන ලදි.

මෙම වැඩමුළුව සංවිධානය කිරීම සමස්ත ලංකා රාජ්‍ය කළමණාකාරණ සහකාර නිලධාරින්ගේ සංගමයේ සභාපති  උදේනී දිසානයක මහතා හා තමරා දයානි හෙට්ටිමුල්ල මහත්මිය විසින් සිදුකරන ලදි.