විදුලිය විසන්ධි කරනවාද ? නැද්ද ? තීරණාත්මක තීන්දුව IOC අතේ ?

විදුලිය විසන්ධි කරනවාද ? නැද්ද ? තීරණාත්මක තීන්දුව IOC අතේ ?

විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට නොහැකි බව ඉන්දියන් ඔයිල් සමාගව විසින් බලශක්ති අමාත්‍යාංශයට දන්වා ඇති බව අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි.

කෙසේ වෙතත්, රට තුළ ඇති විය හැකි විදුලිය විසන්ධි වීම වළක්වා ගැනීම සඳහා අමාත්‍යවරයා විසින් කරන ලද ආයාචනයකට අනුව, ඉන්දියන් ඔයිල් සමාගමේ ප්‍රධාන කාර්යාලයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන බව අදාළ සමාගම අමාත්‍යවරයාට දන්වා තිබුණි.

ඉන්ධන තොග රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති බවත් එය නියමිත වේලාවට ගොඩබාන්නේ නම් අද දිනයේදී රටට විදුලිය විසන්ධි වීම වළක්වා ගත හැකි බවත් විදුලිවල ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

“මේක වෙලාවට බාගන්න බැරි වුනොත් අපිට අද විදුලිය විසන්ධි කරන්න යන්න වෙනවා” ඔහු වැඩි දුරටත් කීවේය.