මුල්ලෙරියව PCR රසායනාගාරයේ ඉදිකිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණවල සත්‍ය තොරතුරු

මුල්ලෙරියව PCR රසායනාගාරයේ ඉදිකිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණවල සත්‍ය තොරතුරු
  1. මුල්ලේරියාව විද්‍යාගාරයේ ප්‍රකාශිත මුදල රුපියල් මිලියන 250 න්, ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 100 කට ආසන්න මුදලක් වැය කර ඇත (එය ප්‍රමිතීන්ට අනුකූල නොවන අතර ඉදිකිරීමට රුපියල් මිලියන 10 ක් වත් වැය නොවනු ඇත) එසේම දැනගන්නට ලැබුනු තොරතුරු වලට අනුව, උපකරණ සහ ප්‍රතික්‍රියාකාරක සැපයීම සඳහා රුපියල් මිලියන 140 ක් දක්වා ඇති අතර, PCR කට්ටල සඳහා රුපියල් මිලියන 90 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර උපකරණවල පිරිවැය රුපියල් මිලියන 50 ක් පමණ වේ.
  2. මුල්ලේරියාවට උපකරණ සපයා ඇති මව් සමාගම (Beijing Genomic Institute) අණුක ජාන විද්‍යාව පිළිබඳ ගෝලීය ප්‍රමුඛ ආයතනයකි. දේශීය නියෝජිතයා (HSEP විසින් සෘජු මිලදී ගැනීම් අවසන් කිරීමෙන් පසුව පත් කරන ලද සහ HSEP විද්‍යාගාරය ස්ථාපනය සඳහා මව් සමාගම් ඉංජිනේරුවන් ගෙන්වා ගැනීමට ස්ඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වූ විට තෝරා පත්කරගන්නා ලද) විසින් බොහෝ සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන් PCR කට්ටලවල මිල 50% කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත දමා ඇත. මෙහිදී ADB නිලධාරියාට සහ අධ්‍යක්ෂ HSEP ට කොමිස් ලබා ගැනීමේ හැකියාව නැතිකර දමා ඇත.
  3. ඉහත කරුණු වලට අමතරව, දේශීය නියෝජිතයා විසින් රසායනාගාර ගොඩනැගිල්ලේ යටිතල පහසුකම් මවුසමාගමේ නිර්දේශයන්ට අනුව අවශ්‍යතා සපුරාලීමේ අවශ්‍යතාවය මෙන්ම අධි අවදානම් සාම්පල විශාල සංඛ්‍යාවක් සිදු කිරීම සඳහා දැඩි පීඩනයක් යටතේ සේවය කිරීමට සිදු වූ රසායනාගාර කාර්ය මණ්ඩලය සඳහා සලසාදී තිබුණු දුර්වල සනීපාරක්ෂක සහ විවේක ස්ථාන පිලිබඳව ද අවධාරණය කර ඇත. (ඉහළ අවදානම් සාම්පල සමඟ දිගු කාලසීමාවක් ස්ඳහා පූර්ණ පුද්ගල ආරක්ශණ උපකරණ ද සහිතව ඔවුන් සිදුකලේ අතිශය අපහසු කාර්යය භාර්යයකි)
  4. මුල්ලේරියාව PCR විද්‍යාගාරයේ අධ්‍යක්ෂකවරයා සහ කාර්ය මණ්ඩලය අතැතිව ප්‍රමිතියෙන් තොර ගොඩනැගිල්ලක් HSEP විසින් ඉතිරි කර දමා ඇති අතර, පරීක්ෂණ 500ක් සඳහා මුලින් සැලසුම් කර තිබූ විද්‍යාගාරයක පරීක්ෂණ 4000ක් සිදුකිරීමට බලකරමින් ඔවුන් හාස්කම් සිදු කරනු ඇතැයි අපේක්ෂා කර ඇත (කොන්ත්‍රාත්තුවට අත්සන් කර ඇත්තේ පරීක්ෂණ ධාරිතාව 500ක්ද වේ).
  5. අධ්‍යක්ෂ HSEP ජපානයේ ADB ඉහළම නිලධාරීන්ට විද්‍යාගාරයට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති අතර, පැමිණි දූත පිරිසට කිසිදු අඩුපාඩුවක් නොකියන ලෙස ඉල්ලා තර්ජනයට ලක් වූ කාර්ය මණ්ඩලය සමඟ සිනහමුසු ඡායාරූප ගැනීම. ඔහු විසින් සිදු කරන ලද නින්දිත සහ අමානුෂික සාපරාධී ක්‍රියාවකි,
  6. ADB හි ඊනියා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාකරන ලෙස පෙනීසිටින වෘත්තීය වේදීන් පවා කෙතරම් කූට ලෙස සහ අන්ධ අයුරින් කටයුතු කරන්නේද යන්න මෙයින් පෙන්නුම් කෙරේ. සමාජ යහපැවැත්ම නඟා සිටුවීමේ නාමයෙන් මානව හිමිකම් සුරැකීමේ සටන් පාඨ ගැන බොහෝ දේ කතා කරන ADB හි නම සහ අරමුණු සඳහා මොනතරම් ලැජ්ජාවක්ද?
  7. දේශීය නියෝජිතයා විසින් ඉහත සඳහන් සියලු අඩුපාඩු හා අක්‍රමිකතා ඉස්මතු කිරීම මගින් අදාළ ADB නිලධාරියා සහ අධ්‍යක්ෂ HSEP කෝපයට පත් වී ඇති අතර, ඔවුන් විද්‍යාගාර ගොඩනැගිලි යටිතල පහසුකම් භාරව සිටි ADB නම් කරන ලද ඉංජිනේරුවරයා සමඟ හවුල් වී දෝෂ සහිත විදුලි පරිපථ සහ ගෘහභාණ්ඞ නිර්මාණය කර ක්‍රියාවලිය කඩාකප්පල් කර ඇත. මෙමඟින් දේශීය නියෝජිතයින්ට සුමටව ක්‍රියාත්මක වීමට නොහැකි වීමෙන්, HSEP ඉල්ලීම් වලට හිස නැමීමට සිදු විය.
  8. HSEP අධ්‍යක්ෂවරයාගේ අභිප්‍රාය සහ ක්‍රියාවන් ඔවුන් විසින් ප්‍රධාන සැපයුම්කරුට මුල් මිලදී ගැනීමේදී ගෙවිය යුතු සියලුම මුදල් ගෙවා ඇති අතර PCR කට්ටලයේ මිල අඩකට වඩා අඩු කිරීම මඟින් ඔවුන්ගේ කොමිස් ඉල්ලීම් ඉටු නොවී ජාතික ධනය ඉතිරි වන අයුරින් කටයුතු කිරීම නිසා සඳහා ඔවුන්ගේ භාණ්ඩ ප්‍රවාහන වියදම් නොගෙවා දේශීය නියෝජිතයාට දඩුවම් කර ඇති බව පැහැදිලි වේ.
  9. HSEP හි කොමිස් මුදල් අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වූ කල්හි " Negotiation Minute” " අත්සන් කර දේශීය නියෝජිතයා පත් කළ අධ්‍යක්ෂ HSEP විසින්ම බලහත්කාරයෙන් දේශීය නියෝජිතයා ඉවත් කරන බවට තර්ජනය කර ඇත.
  10. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති උපදේශන සමාගමක් වන දේශීය නියෝජිතායතන සමාගම, ශ්‍රී ලංකාවේ අඩු අත්දැකීම් තිබුනද වෙනත් රටවල් සමඟ ව්‍යාපෘති රාශියක් සම්පූර්ණ කර ඇති අතර, මුල්ලේරියාවේ වැඩ කටයුතු කරගෙන යාමට මව් සමාගමෙන් පූර්ණ සහය ලැබී තිබුණේ,. HSEP විසින් සපයනු ලබන දුර්වල රසායනාගාර යටිතල පහසුකම් සහ ප්‍රතික්ෂේප කර දැමුණු මවු සමගමෙන් ලබාගන්නට තිබූ අගනා පුහුණු සැසිවාරද සමගිනි.

HSEP අධ්‍යක්ෂවරයාගේ ආත්මාර්ථකාමී සහ වෘත්තීය විරෝධි පළිගැනීම් සහගත හැසිරීම් සහ සෞඛ්‍ය ලේකම්වරයා මෙවැනි බරපතල උල්ලංඝනයන් වැලැක්වීමට ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙරට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ටමෙන්ම ඊට සම්බන්ධ අනෙකුත් වෘත්තිකයන්ටද විශාල අවස්ථා රැසක් අහිමි වී ඇති බව ඉහත කරුණු අනුව ඉතා පැහැදිලිය.

ඉහත තොරතුරු පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන ලෙසත්, රටට කළ අනර්ථයට වැරදිකරුවන්ට දඬුවම් දෙන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

Ravi kumudesh photo 2

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය