ගුරු සත්‍යග්‍රහය අඛන්ඩයි (photo)

ගුරු සත්‍යග්‍රහය අඛන්ඩයි (photo)

වැටුප් විෂතාව ඉවත් කරන ලෙස ඉල්ලා ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම සඳහා වෙන්කර ඇති ස්ථානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය කුමන බාධක පැමිණියත් දිගටම ක්‍රියාත්මක කරන එහි කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ විසින් වැඩබිමට පැවසීය.

ඊයේ දිනයේදී (27) ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා විසින් පැවැති සාකච්ඡාවද අසාර්ථක වූ බවත්, මෙම ගුරුවරුන්ගේ ප්‍රශ්ණය විසඳීම සඳහා තීන්දු තීරණ ගැනීමට හැකි ජනාධීපතිවරයා හෝ මුදල් ඇමතිවරයා සමග සාකච්ඡා කර මෙම ප්‍රශ්ණයට අවසන් විසඳුමක් දීම සඳහා සාකච්ඡාවක් අවශ්‍ය බවත් බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් සුමංගල හිමියන් වැඩිදුරටත් පැවසුවේ තමන් සත්‍යග්‍රහය කරන්නේ ආණ්ඩුව විසින් නීත්‍යානූකූලව වෙන් කර ඇති ස්ථානයක බවත්, එම ස්ථානයට පොලීසියෙන් කඩාවැදී කුඩාරම් ගලවාගෙන යාම හාස්‍යයට කරුණක් බවත්ය.

Teacher demo 5

Teacher demo 2

Teacher demo 3

Teacher demo 4