බැරිනම් කරන්න පුළුවන් කෙනෙකුට දීලා යන්න (Photo)

ftz-h

කටුනායක ඇවරිවත්ත මංසන්ධියේදී වෙළඳ කළාප සේවකයින් උද්ඝෝෂයක් පසුගියදා පැවැති අතර, එය සංවිධානය කර තිබුණේ රෙඩ් වෘත්තීය සමිතිය විසිනි.

නිදහස් වෙළඳ කලාපවල කම්කරුවන්ට උයාගෙන කන්න ක්‍රමයක් නැහැ.

ගෑස් නැහැ භූමිතෙල් නැහැ.

වැඩි වැටුප් නැහැ. කෑම පැකට්ටුවක් රුපියල් හාර සියයකටත් එහා.

මෑන්පවර් සේවකයන්ට වැඩ නැහැ ආයෝජකයෝ ඔවුන්ට සේවාවන්ට අවශ්‍ය පහසුකම් නොමැති යැයි කියමින් රට හැර යන්න සූදානම් වෙනවා.

සේවකයෝ දැනටත් වැඩ නැතිව දවස් ගනන් බෝඩිං වල ලතවෙනවා කෑමක් බීමක් නැතුව. සමහර ආයතන හිමිකරුවෝ ආයතන වහන්න සැරසෙනවා.

සේවකයින්ට ලැබෙන වැටුප ජීවන වියදමට සාපේක්ෂ නැහැ. එකෙන් පුළුවන් ලෙවකන්න විතරයි.

තනි මව්වරුන් වැන්දඹුවන් දරුවන් එක්ක හාමතේ පුංචි බෝඩිං කාමර වල ගත කරනවා. දරුවන්ගේ පන්තියේ නවත්වලා.

දරුවන්ගේ ඉගෙනීම ඇණහිටලා.

දරුවන්ගේ මන්දපෝෂණය වැඩිවෙලා මෙවැනි කරුණු කාරණා බොහොමයක් හේතුවෙනි රට කරවන මිනිස්සුන්ගේ ඇස් අර වන්නට බල කරන උද්ඝෝෂණයක් ඊයෙ කටුනායක ඇවරිවත්ත යෙදී සිදුකරන්නට යෙදුණා.

ඔවුන් ඉල්ලා සිටියේ අපිට සහන දෙන්න.

අපේ ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න.

එහෙම කරන්න බැරිනම් නායකයිනි කරුණාකර යන්න ගෙදර යන්න.

කරන්න පුළුවන් කෙනෙකුට රට බාර දෙන්න.