TISL දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි වගන්ති කිහිපයක් අභියෝගයට ලක් කරයි

TISL දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි වගන්ති කිහිපයක් අභියෝගයට ලක් කරයි

ප්‍රධාන කාරණා කිහිපයක් මුල් කර ගනිමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් දූෂණ විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඊයේ (මැයි 10) ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙත්සමක් (SC SD 19/2023)ගොනු කරනු ලදි. 

දිගු කලක් අපේක්ෂාවෙන් සිටි දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම පිළිබඳව TISL ආයතනය තම ප්‍රසාදය පළ කරන නමුත්, පනතේ ඇතැම් විධිවිධාන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි වන පදනම මත, එවා අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇත. මෙම නීතිය පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් අපි කියා සිටින්නෙමු. 

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ 28(3), 161 සහ 119 යන වගන්ති ඇතුලත්ව වගන්ති 37ක් TISL ආයතනය අභියෝග කර ඇත. (Refer to the full petition on our website: Petition on Anti-Corruption Bill

පනත් කෙටුම්පතේ ඇතැම් දඬුවම් සම්බන්ධ විධිවිධාන අසමානුපාතික වන බවත්, අකටයුතු නාදනය (whistleblowing), තොරතුරු දැනගැනීමේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අධෛර්යමත් කරන අතර, විනිවිදභාවය සහ වගවීම යන සංකල්පවලට සෘණාත්මක බලපෑම් කළ හැකි බවත් TISL ආයතනය සිය පෙත්සමෙන් පෙන්වා දෙයි. 

මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ නිලූකා දිසානායක මහත්මියගේ උපදෙස් මත නීතීඥ පුලස්ති හේවාමාන්න මහතා, ගිත්මි විජේනාරායන, ෆාදිලා ෆයිරෝස්, පියුමි මධුෂානි, හරිනි ජයවර්ධන, ලසන්තිකා හෙට්ටිආරච්චි සහ සංඛිතා ගුණරත්න යන නීතිඥ මහත්මීන් සමඟ පෙනී සිටිනු ඇත.