ප්‍රකාශයක් දෙන්න කැඳවූ ගෘහ සේවිකාව හදිසියේ මිය යයි

ප්‍රකාශයක් දෙන්න කැඳවූ ගෘහ සේවිකාව හදිසියේ මිය යයි
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක ගෘහ සේවයේ නිරතව සිටි කාන්තාවක එම නිවසෙහි දේපොළ සොරා ගත් බව කියන පැමිණිල්ලකට අනුව ප්‍රශ්න කිරීම සඳහා වැලිකඩ පොලිස්ට රැගෙන ආ අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය ගොස් තිබේ.
 
මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංච ආර්.සෙල්වරාසා කුමාරි 45 නමැති තැනැත්තියකි.
 
මෙම කාන්තාව සේවය කළ නිවසේ අයිතිකාරිය  විසින් කළ පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර එම පැමිණිල්ල මත සේවිකාව පොලිසියට කැඳවා ගෙන එනු ලැබූ අවස්ථාවේ හුස්ම ගැනීමට අපහසු බව කීම  නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
 
ඒ් අනුව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම ගෘහ සේවිකාව මියගිය බව පොලිසිය කියයි.
 

පොලිසිය විසින් මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.