ප්‍රතිව්‍යහුගත කරන ආයතන ලැයිස්තුවේ 430ක්

ප්‍රතිව්‍යහුගත කරන ආයතන ලැයිස්තුවේ 430ක්
යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පාඩු ලබන සහ ලාභ ලබන ආයතන 430ක් හඳුනාගෙන ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
 
යෝජිත වැඩසටහන යටතේ, සමහර ආයතන විකුණනු ලැබෙන අතර; අනෙක් ඒවා වසා දැමීම, ඒකාබද්ධ කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමට නියමිතය.
 
මෙම ක්‍රියාවලිය තව මාස දෙකකින් පමණ ආරම්භ වී වසර අවසන් වන විට අවසන් කිරීමට නියමිත බව භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් පවසා ඇති අතර තෝරාගත් සමහර ආයතනහි කළමනාකාරීත්වය වැඩිදියුණු කරනු ඇති බවද කියැවෙයි.
 
මෙම තෝරාගත් ආයතන 430 ක සංඛ්‍යාව,  සංස්ථා 39 කින්, සමාගම් 218 කින් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල 173 කින් සමන්විත වන අතර  ඊට සමාගම්වලට අයත් ප්‍රාදේශීය වැවිලි සමාගම් 21ක් ඇතුළත් වෙන බව සඳහන්ය.
 
ආයතන අතර පසුගිය වසරේ රුපියල් බිලියන ගණනින් පාඩු ලැබූ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් 20ක් ද වන අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, සීමාසහිත සිලෝන් ෂිපින් කෝපරේෂන් ලිමිටඩ්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, හෝටල් සංවර්ධක ලංකා පීඑල්සී, ලංකා සතොස ලිමිටඩ්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, මයික්‍රෝ (පුද්ගලික) සමාගම, රාජ්‍ය මුද්‍රණ සංස්ථාව, ස්වාධීන රුපවාහිනී සේවය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ජාතික පශු සම්පත් සංවර්ධන අධිකාරිය සහ Lanka Leyland (Pvt) Ltd එයට ඇතුළත් බව පැවසෙයි.