තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ (UPTO) 66 වන වාර්ෂික සමුළුව

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ (UPTO) 66 වන වාර්ෂික සමුළුව

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයෙහි 2022/2023 නිලවරණයෙන් අනතුරුව, එහි 66 වන සාමාජික මහ සභා සමුළුව අතිසාර්ථක ලෙස පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්වුණි.

හිටපු ගරු සභාපති, ගරු ප්‍රධාන ලේකම් සහ ගරු භාණ්ඩාගාරික සොයුරන්ගේ මූලිකත්වයෙන් පැවති 66වන වාර්ෂික සංවත්සර මහා සභාව ගරු තැපැල්පතිතුමා, නියෝජ්‍ය තැපැල්පති තුමන්/තුමියන්ලා ඇතුළු අනිකුත් විධායක හා මාණ්ඩලික නිලධාරින්ගේ සහ ආදරණීය සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් වර්ණවත් කෙරීය.

මෙවර නිලවරණය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් තේරිපත් වූ ගරු සභාපති ජී. ජී. සී. නිරෝෂණ, ගරු ප්‍රධාන ලේකම් සම්පත් සී. ලියනගේ, ගරු භාණ්ඩාගාරික එන්. පී. තේනුවර, ඇතුළු නව නිල මඩුල්ල ඉදිරියේ තැවිනිස භාරකාරීත්වය සමඟ සාමාජිකත්වයට වගකියන "තැවිනිස"ක සමාරම්භය සංවත්සර සභාවෙහි සනිටුහන් කරන ලදී.

අවසානයේදී කාගේත් සිත් අමන්දානන්දයට පත්කරමින් "තැවිනීසාංජලී" සංස්කෘතික ප්‍රසංගය රසවත් කරමින් නියෝජ්‍ය තැපැල්පතිවරු ඇතුළු විධායක සහ මාණ්ඩලික නිළධාරීන් මෙන්ම තැවිනිස සාමාජික සහෝදර සහෝදරියන්ගේ ගීත ගායනා සමඟින් එය රසවත් මෙන්ම වර්ණවත් කරමින් අවසන් කෙරීය.

හෙට දින සාමාජික අයිතීන් සුරක්ෂිත කරන නැවුම් බලාපොරොත්තු සහිත තැවිනිසක අලුත් ගමනකට සුභාශිංසන සමඟ තැවිනිස දිනවීමට, තැපෑල දිනවීමට අප ශක්තියක් වන්නෙමු.

නිලධාරී මණ්ඩලය පහත සඳහන් පරිදි තේරී පත්විය

2023.01.22 වන පැවැති තැවිනිස(UPTO) නිලවරණයෙන් තේරිපත් වු නව නිලධාරී මණ්ඩලය

1 . සභාපති - ජි. ජි. සි. නිරෝෂන මහතා

2. උප සභාපතිවරන් ලෙස - ජේ.අබේවික්‍රම මහතා, ඩි. කේ. ජි. ආර්. විජේරත්න මහතා

3. උප සභාපති කාන්තා ලෙස - කාන්චනා ලියන්වලගේ මහත්මිය

4. ප්‍රධාන ලේකම් - සම්පත් සී. ලියනෙගේ මහතා

5. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් -  අනුරාධ ප්‍රනාන්දු  මහතා

6. සහකාර ලේකම්වරුන්  ලෙස - එම්. කේ. ජි. ප්‍රේමතිලක මහතා, ඩි. ඩබ්ලිව්. ටි. යටවර මහතා, කේ. එම්. ඩබ්ලිව්. බි. බරම්මනේ  මහතා, එස්. ආර්. කේ. ජාගොඩ  මහතා

7. සහකාර ලේකම් (කාන්තා) ලෙස - ගමගේ සුදර්ශි සෝමවර්ධන මහත්මිය, ජි. එම්. ටි. සංකල්පනි මහත්මිය

8. භාණ්ඩාගාරික - එන්. පි. තේනුවර මහතා

9. සහකාර භාණ්ඩාගාරික - එව්. එම්. නිලන්ත කුමුදු හේරත් මහතා

10. සහකාර භාණ්ඩාගාරික ( කාන්තා) -  අප්සරා නිරංජලී මහත්මිය

11. සංස්කාරක - ගයාන් කාවින්ද මහතා

12. සංස්කාරක සිංහල -  එම්. වී. ජේ. ලියනරත්න  මහතා

13. සංස්කාරක දෙමළ - එම්. රවිශාන්ත්  මහතා

14. සංස්කාරක ඉංග්‍රීසි - කේ. නිදර්ශන්  මහතා

15. කෘත්‍ය විධායක කමිටු සභික කාන්තා ලෙස - ආර්. එම්. දිලිනි රත්නායක මහත්මිය, මධුෂානි දිසානායක මහත්මිය, හංසිනි උපෙක්ෂා මහත්මිය, මංගලා ගලප්පත්ති මහත්මිය

16. කෘත්‍ය විධායක කමිටු සභිකවරුන් - ඒ. එම්. ඩි. චන්දික අමරකෝන් මහතා, ජේ. එච්. එම්. මංජුල ජයසුන්දර මහතා, ඒ. පරණිදරන් මහතා, ජගත් දසනායක මහතා, කපිල කරුණාරත්න මහතා, එස්. එම්. එස්. බී. සමරජීව මහතා, එස්. එම්. එන්. සමරකෝන් මහතා, එම්. ජේ. සී. ගමගේ මහතා, ජේ. එම්. පී. විරසුරිය  මහතා, ජේ.ජි.පි.එස්.කේ.කඳන්පොල මහතා