ඖෂධ ගැටළුව උග්‍රයි - ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍ය සංගමය

ඖෂධ ගැටළුව උග්‍රයි - ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍ය සංගමය
  • ඖෂධ හිඟය  ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවෙන ගැටළුවක් බවට පත්වෙයි...
  • ඉන්දියන් ණය ආධාර මුදල් යොදාගෙන   මෙරටට ගෙන්වා තිබෙන ඖෂධ වලින්  80% ක්ම  ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොකල ඖෂධයි...
  • නිසි කළමණාකරණයක් නොමැතිව කටයුතු කිරීමෙන් ගැටළුව උග්‍ර වී ඇති බවත් මේ මොහොතේ හදිසි තත්වයක් සේ හදුනාගෙන වගකීමෙන්   සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කරයි.

වෛද්‍ය විශේෂඥයින් පළ කළ අදහස්,

  • ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා

 මේdr-vinya-ariyarathne.jpg වසරේ පැමිණෙන අභියෝගය ගැන කරුණු කාලයක සිට  පෙන්වා දී  තිබෙනවා. දැන් වෛද්‍ය ක්ෂේත්‍රය බරපතල අර්බුදයකට මුහුණ පා තිබෙනව, මුළු සෞඛ්‍ය  පද්ධතියටම බලපෑමක් වෙලා තිබෙනවා.2022 අප්‍රේල් 07 එවක ජනාධිපතිවරයාටත් මේ තත්වය උදා විය හැකි බව  ලිපියකින් දන්වා සිටියා. නිසි පියවර ගත්තේ නැතිනම් මේ වසරේ මුල් මාස දෙකේදී ගැටලුවක් විය හැකි බව කලින්ම කීවා.මේ බරපතල අර්බුදය ගැන කීවා . දිගින් දිගටටම කීවා.වෛද්‍යවරුන් සමගද කතා කලා.ඖෂධ කලමනාකරණ  චක්‍රය ගැන සංකීර්ණ සාධකතිබේ . ඖෂධවල  ප්‍රමිතිය බාල වීම හෝ හිග වීම රටකට විශාල  ගැටලුවක්. මේ තත්වය පෙන්වා දුන් පසුවත් එම තත්වය වැලැක්වීමට රටක් ලෙස ගෙන තිබෙන පියවර විශාල ප්‍රමාණවත් නැහැ.  විවිධ ආයතන සමග එක්ව නැවත නැවතත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය  මැදිහත් වුනා.  තව දුරටත් මේ  තත්වය මේ ලෙස පැවතීම රටට ඉතා බරපතල තත්වයක්. මේ තත්වය  රටේ හදිසි තත්වයක් ලෙස රජය  හදුනා ගත යුතුයි. මේ අර්බුදයෙන් රට ගොඩ ගන්නට  එක්ව කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක්.

  • අංගොඩ ,ජාතික බෝවන රෝග විද්‍යායතනයේ , කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා.

 ඖෂධ ලබාගැනීමේ , ගෙන්වීමේ  නියාමනය අත්‍යවශ්‍යයි.පසුගිය සති කීපයේත් මේ ගැන අපි සහ මාධ්‍ය ආයතන   උනන්දුවක් දැක්වූවා. එය අදාල  නිලධාරීන්ගේ ඇස් අරින්න සමත් වුනා.

 පසුගිය දිනවල ඖෂධ හිගය ගැන කියමින්  කැබිනට් පත්‍රිකා දෙකක් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කලා.  ඔක්තෝබර් 25 සහ  දෙසැම්බර්  05 වනදා .පළමු කැබිනට් පත්‍රිකාවෙන් ඔහු ඉල්ලා තිබෙන්නේ සේවරිට් නම් ආයතනයෙන් ඖෂධ වර්ග 36 ක්  මිලදී ගැනීම , ආනයනය සදහා. මීට කැබ්නට් අනුමැතිය ලැබෙන්නේ යම් කොන්දේසි මත  .කොන්දේසි  නිර්දේශ කර ඇත්තේ කැබිනට් පත්‍රිකාව සලකා බැලූ මුදල් අමාත්‍යාංශය මගින්.මුදල් අමාත්‍යාංශයෙන් තමයි නිර්දේශ කලේ. එය මුදල් අමාත්‍ය වරයා ලෙස ජනාධිපති තුමාගේ අත්සනින් කැබිනට් මණ්ඩලයට එයි එම නිර්දේශ පදනම් කර කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත. අනුමත කිරීම සිදු කර ඇත්තේ ඖෂධ ඖෂධ වල තත්වය ගැන සොයා බලා කල යුතුයි, මිල ගනන් ගැන සකච්ජා කල යුතුයි යන පදනමින් ඊට හේතුව වන්නේ . ටෙන්ඩර් කැදවීමකින් තොරව මෙම සැපයුම්කරු  තෝරාගත් නිසා. එසේම මේ සමාගමෙන් ගෙන්වන ඖෂධ 36 න් එකක් වත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඒවා නොවේ.  ඒවායේ තත්වය හා ක්‍රියාකාරීත්වය ගැන කිසිම වැටහීමක් නැහැ . තවත් කැබිනට් පත්‍රිකාවක් කෝෂික් නම් ආයතනයෙන්  ඖෂධ විසි ගණනක් ගෙනෙන්නට. එය මා දන්නා තරමින් තවම කැබිනට් මණ්ඩලය අනුමත කර නැහැ.. එය බ්ලැක් ලිස්ට්  කරපු ආයතනයක් නිසා එය ඉවත් කර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනගත්තා.

මාධ්‍ය මගින් මේ බ්ලැක්ලිස්ට් ආයතනය ගැන නොකීවානම් ඒ ඖෂධ ගේන්නත් ඉඩ තිබුනා.

කලින් කී අනුමත කලකැබිනට් පත්‍රිකාවේත් සමහර ඒවා අත්‍යවශ්‍ය ඖෂධ .සමහර ඒවා  අනවශ්‍ය ඖෂධ. තිබෙනවා.  ලියාපදිංචියකින් තොර ඖෂධ හදිසියට ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට  මගින් පණත බලය තිබේ. ඒ හදිසි අවශ්‍යතාවක ජීවිත බේරා ගැනීමේ ඖෂධ ගේන්න.  නමුත් මේ ගෙන්වීමට යෝජිත ලයිස්තුවේ කැස්සට ගන්නා ඖෂධ  , එහිම හපන එක. ක්‍රීම් වර්ග   වැනි ඒවා ණයට ගේන්න යනවා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ.  ඒ ණය අපි ගෙවිය යුතුයි.ණයට ගේන්නේ අනවශ්‍ය  ඖෂද සහිත ලයිස්තුවක්.

 ජාතික ඖෂධ නියා මන අධිකාරියේ අනුමැතියට  ඖෂධ 270 ක පමණ ලයිස්තුවක් ඉදිරිපත් වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැස්වීමේදී අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ප්‍රකාශ කලේ ඉන්දියානු ණය යටතේ ගෙන්වන වලින්  80% ක් ලංකාවේ ලියාපදිංචි කල ඒවා නොවන බවයි..එය බරපතලයි. ඒවා ගැන කිසිම අගැයීමක් නැත.අතුරු ආබාධ ඒවිද ?  වඩා බරපතල වන්නේ එම ලයිස්තුවේ අත්‍යවශ්‍ය නොවන ඖෂධ තිබීමයිඑපමණක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ . වෛදය සැපයුම් අංශයේ ලයිස්තුවේ සටහන් නොවන හා  තිබී අපට අනවශ්‍ය යැකි හදුනාගෙන ලයිස්තුවෙන්  ඉවත් කල ඖෂධ පවා ගෙන්න්වන්න තිබෙන ලැයිස්තුවේ තිබේ.  ඒවා ලොකු ප්‍රශ්නයක්. මුල සිටම පසුගිය අප්‍රේල් සිට ඒ ගැන දැනුවත් කලත් පලක් වුනේ  නැහැ. අපි සහ ඒ අය අතර සාකච්ජා නැවතුනා.විශේෂඥයින්ගෙන්  අදහස් ගැනීමද ඉන්   නැවතුනා. ණයට අනවශ්‍ය ඖෂධ ගෙන්වීම නවත්තන්න අපි යෝජනා කලා පසුගියදා.  ඉන් වන්නේ අත්‍යවශ්‍ය ඒවා සහ උපකරණද හිග වීම.

 මේ වන විට බොහෝ රෝහල් වල එක්ස් රේ කොලය හතරට කපා මුද්‍රණය කරනවා. ඒවාත් ඉවර වු තැන්වල ලෙඩා ලවා ගෙන්වා ගන්න  සීඩී එකකට දමා වාර්තාව දෙන්නේ. බොහෝ රෝහල් වල  රුධිර පරීක්ෂණ වලට අවශ්‍ය ද්‍රවය  හා උපකරණ  නැහැ.

මෙවැනි තත්වයක් පවතිද්දී අත්‍යවශ්‍ය ඖෂධ පමණක් ගෙන්වීමට තිබෙන මුදලින් අනවශ්‍ය ඒවා ගෙන්වමින් ලැබෙන මුදල් ප්‍රමාණය නිරපරාදේ විනාශ කිරීම සිදු නොකිරීම  සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක්.

  • කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ඖෂධ පිලිබද අනු කමිටුව මගින් දිගටම කල අධ්‍යයන මගින් ලත් තොරතුරු   හා ජනවාරියේ කරන ලද සමාලෝචනය ඇසුරින් ඖෂධ ආනයනය,අවශ්‍යතාව  හදුනාගැනීම ,ලියාපදිංචිය හා බෙදාහැරීම සම්බන්ධයෙන් නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයට  ලබා දුන්නා.මේ සමාලෝචනයේදී දුටු කරුණ වන්නේ මේ ක්‍රියාවලියේ යම් යම් අඩුපාඩු සිදුවී ඇති බවයි.

මේ ආර්ථික අර්බුදය සමග කලින් ක්‍රමවේදය ඒ ආකාරයෙන්ම ගෙන  යන්න බැහැ. ඖෂධ මිලදී ගැනීමට රටේ ඩොලර් නොමැති රටේ ඩොලර් නොමැති විටෙක, ඖෂධ සංස්ථාවට අනෙක් සමාගම්වලට ගෙවීමට  විශාල ගෙවීම් ප්‍රමාණයක් හිගව තිබෙන අවස්ථාවක  ඖෂධ නියමාකාරයෙන් ලබා ගැනීමේ ගැටලුවක් තිබේ මෙය ඖෂධ හිගයට ප්‍රධාන හේතුවයි.  නමුත් මෙය අවම කර ගැනීමට ගැත් හැකි ක්‍රියා මාර්ග තිබේ . උදාහරණ ලෙස පසුගිය කාලයේ ඉන්දීය ණය පහසුකම  මගින්. ඒ පහසුකම ඉතාම උපරිමයෙන් යොදාගත යුත්තේ අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමටයි.  එහෙත් අපේ නිරීක්ෂණය නම් ඒ යටතේ පවා අත්‍යවශ්‍ය නොවන ඖෂධ ගෙන්වා තිබෙනවා.මෙවැනි අතපසුවීම් මගහරවා හැනීම මේ අවස්ථාවේ අත්‍යවශ්‍යය. නැතිනම් අප සතු  සීමිත මුදල් ප්‍රමාණයෙන් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකි විය හැකිය. ඒ අනුව   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට නිර්දේශ කලේ අර්බුදකාරී මෙම අවස්ථාවේ  දිනපතා රැස්වීම් පවත්වා පවතින තත්වය සමාලෝචනයට යි.  ශ්‍රී ලංකාවේ  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් වලට අත්‍යවශ්‍ය ඖෂධ ගැන අදහසක් පවතී.  වෛද්‍ය සැපයුම් අංශය මගින් ඖෂධ ආනයනය  සදහා නිර්දේශ කරද්දී අනුමත කල යුත්තේ අත්‍යවශ්‍ය ඖෂධ පමණයි.

මේ සතියේ මුල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා, සහ ඖෂධ නියාමන අධිකාරිය , වෛද්‍ය සැපයුම් අංශය සමග වෛද්‍ය සංගම වල සාකච්ජා ඇරඹුනා.සතියකට වරක් මේ සාකච්ජා පැවත්වේ.

අත්‍යවශ්‍ය ඖෂධ ආධාර ලෙස යොදා ගන්නේ කෙසේද ?  දිවයින තුල තිබේනම් ඒවා කළමනාකරණය කර ගත් හැක්කේ කෙසේද යන්න ගැන මෙහිදී අවධානය යොමු විය.

 මේ වන විට විශාල ඖෂධ  ආධාර ලැබුණා. එය අත්‍යවශ්‍ය ඖෂධ රෝගීන්ට ලබා දීමට සහනයක් වුනා.  ඒ අතර සමහර ඒවා අනවශ්‍ය  ඒවා. කල්  ඉකුත් වූ  තොගද තිබුනා.  , නිසි ප්‍රමිතිය නැති ඖෂධ තිබුනා. නියමිත උෂ්ණත්වයේ  නොගෙනා ඒවා තිබුනා. සමහරක් විනාශ කලා.  සුනාමි කාලයේ  එවැනි ඖෂධ ලැබී තිබූ නිසා ඒවා විනාශ කිරීමට විශාල මුදලක්  දැරීමට සිදු වුනා. ආධාර ලෙස ලබා ගන්නා ඒවාද ප්‍රමිතියකට යුතු ලෙස  ලබා ගන්න තීරණය වුනා.  

එසේම මුදල් වියදම් කර මේ අවස්ථාවේ කලබලයෙන් මිලදී ගැනීමේදී රටේ ලියාපදිංචි නොකල ඖෂධ  ගෙන්වීමටත්  නිර්දේශ දී තිබුනා. එය ප්‍රබල ගැටලුවක්. ඒවායේ ප්‍රමිතිය ගැන කිසිවක් දන්නේ නැහැ.  ඉන්දීය ණය පහසුකමින් ලැබුනු මුදලින්  ලියාපදිංචි නොවූ ඖෂධ ගෙන්වීමත් අපට විශාල හානියක්. එය නොකල යුත්තක්.

  • නිර්වින්දන හා දැඩි සත්කාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනෝමා පෙරේරා මහත්මිය

දැනට ඇති හිගය හා  සමහර ඖෂධ තොග ශ්‍රී ලංකාවේ  නොමැතිවීම ප්‍රබලයි. තව සති කීපයකින්  දැවැන්ත වෛදය ක්ෂේත්‍රයේ අර්බුදයක් එනවා. ්ෛද්‍ය සැපයුම් අංශයේ තොගවල  නිර්වින්දනය කිරීමට  ගන්නා සමහර  ඖෂධ වල තොග සටහන් වන්නේ ශුන්‍යයක් ලෙස. සමහර වේදනා නාශක ඖෂධ තොග අවසන්‍ ය. හිරි වැට්ටීම සදහා ගන්න සමහර ඖෂධද නොමැත.  මේ අවස්ථාවක හදිසි ශල්‍ය කර්ම කිරීම , ,මාතෘ සෞඛ්‍ය සේවා ,සිසේරියන් සැත්කම් කිරීම ,හදිසි අනතුරු වලදී ප්‍රතිකාර කිරීම  ගැටළුවක්. දැඩි සත්කාර සේවා ද පවත්වා ගැනීම ගැටළුවක්. . රජයේ රෝහල් වල පමණක් නොව රට පුරාම පෞද්ගලික හා රජයේ රෝහල් වල ඖෂධ  හිගයි. මේ හිගය බ්ගමේ නගරයේ කියා වෙනසක් නැහැ.අප අත මුදල් තිබුනත්  රටේ  ඖෂධ හිගයකදී  දැඩි අසාධ්‍ය තත්වයකට සෞඛ්‍ය සේවාව  පත් විය හැකියි. අපි  නිසි පියවර ගත්තා. සියලු විටක . කුමන පියවර ගත්තත්, අක්‍රමිකතා  සහ නිසි කලමනාකරණයක් නැතිවීම  ගැටලුවක් .අත්‍යවශ්‍ය සේවා සේවා සීමා කිරීමද සිදුවේවි. ජීවිතය පවත්වා ගැනීමට පමණක් ක්‍රියාත්මක විය හැකි වේවි. ජනතාවටත් වගකීමක් තිබේ.  රෝහලින් දෙන බෙහෙත් වටිනවා. විසි නොකරන්න.හරි උපදෙස් පිලිපදින්න,.අනතුරු වලක්වා ගන්න, ලෙඩ නොවී සිටින්නට උත්සහ කරන්න.අනතුරු වලක්වා ගන්න.

කෙසේ වෙතත් මේ අසීරු මොහොතේ . දැඩි කලමනාකරණයක් හා මුල්‍ය විනයක් සහිතව කටයුතු කිරීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කටයුතු කිරීමෙන් මෙය වලක්වා ගත හැකියි.

 

මෙම මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රමිත මහානාම මහතා විසිනි.

| ජානක සුනෙත් බණ්ඩාර