පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා තේරී පත් වූ දෙවන කණ්ඩායම කඩිනමින් බඳවා ගන්නා ලෙස ඉල්ලිමක්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා තේරී පත් වූ දෙවන කණ්ඩායම කඩිනමින් බඳවා ගන්නා ලෙස ඉල්ලිමක්

අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණි පුහුණුව සඳහා දෙවන කණ්ඩායමේ 1657 සිසුවියන් බඳවා ගැනීම්වල සිදුවන ප්‍රමාදය සම්බන්ධයෙන් අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා තේරී පත් වූ දෙවන කණ්ඩායමේ සිසුවියන් විසින් සෞඛ්‍ය ආමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

අප කල විමසීමකදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ, දෙවෙනි කණ්ඩායමේ සිටින 1657 සිසුවියන් සමස්තයම එකවර කඩිනමින් බදවා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් මේවනවිට ඔවුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන්ද මෙහිදී ලිඛිතව දැනුවත්කර තිබෙන බවයි.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි..


අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණි පුහුණුව සඳහා දෙවන කණ්ඩායමේ 1657 සිසුවියන් බඳවා ගැනීම්වල සිදුවන ප්‍රමාදය සම්බන්ධවයි..

2021/01/08 වෙන දින අතුරු වෛද්‍ය සේවයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියන් පුහුණුවට බදවා ගැනීම සඳහා අදාළ ගැසට් පත්‍රය නිකුත් කළ අතර සම්මුඛ පරීක්ෂණයෙන් තේරීපත් වූ ශිෂ්‍යාවන්ගේ ලැයිස්තුව 2021/04/28 වන දින සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ පළ කරන ලදී. එම සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්වූ පත්වූ ශිෂ්‍යයාවන්ගේ නාම ලේඛනය 2021/12/22 වන දින ප්‍රකාශයට පත්කරන ලදී.

පළමු කණ්ඩායම සදහා සිසුවියන් 1400 දෙනෙක් බදවා ගැනීම් කරන බව පැවසුවද 2022.08.29 දින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිසුවියන් 1000ක ගේ නාම ලේකනයක් හෙද විදුහල් සමග ප්‍රකාශයට පත් කරන ලදී. ඔවුන් 2022.09.05 දින අදාල හෙද විදුහල් තුල ලියාපදිංචි කෙරිණ.

ඉල්ලීම් :-
දෙවෙනි කණ්ඩායමේ සිටින 1657 සිසුවියන් සමස්තයම එකවර කඩිනමින් බදවා ගන්නා ලෙස පියවර ගැනීම.

සිසුවියන්ට මුහුණ පෑමට සිදුවී ඇති දුශ්කරතා:-
අප 2015/2016/2017 අද්‍යන වර්ශයන්හී උසස් පෙළ විභාගය හැදෑරූ සිසුවියන් වන අතර පුහුණුවට බදවා ගැනීමෙන් පසු පුහුණුව අවසන් වන තෙක් (වසර 1 1/2) අවිවාහක ව සිටිය යුතු නිසා පුහුණු පාඨමාලාව ආරම්භ කිරීම ප්‍රමාද වීමෙන් අප මානුශීය වශයෙන් අපහසුතාවයට පත් වී ඇත.

උගත් බුද්ධිමත් නිලධාරීන් වන ඔබතුමන්ලා අපගේ මෙම ගැටලුව දෙස විමසා දෙවැනි කණ්ඩායමේ සමස්ත සිසුවියන් 2023 වර්ශයේ මුල් කාර්තුවේ ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔබතුමන්ලාගෙන් කාරුණිකව හා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

මෙයට,
අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා තේරී පත් වූ දෙවන කණ්ඩායමේ සිසුවියන්.