රියදුරන් සේවයෙන් ඉවත්වෙයි - දුම්රිය ධාවනය නතර වෙයි ?

රියදුරන් සේවයෙන් ඉවත්වෙයි - දුම්රිය ධාවනය නතර වෙයි ?

අද (11) දහවල් සිට දෙමටගොඩ HLS ධාවනාගාරයේ රියදුරන් සේවා වාර වලින් ඉවත් වෙමින් පවතින බවත්, ගාලු කුමාරි, රුහුණු කුමාරි ඇතුළු ප්‍රධාන දුම්රිය ගණනාවක් මෙම ධාවනාගාරයෙන් සේවය කරන දුම්රිය රියදුරුවරුන් විසින් ධාවනය කරනු ලබන හෙයින් දුම්රිය ධාවනයෙන් රියදුරයන් ඉවත්වීමෙන් දුම්රිය ධාවනය නොවීමට ඉඩ ඇති බව ලොකොමොටිව් ඔබරේටිං ඉංජිනියස් යුනියන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියක් යොමුකරමින් කියා සිටී.

මෙම තත්ත්වය තුළ කටුනායක ගුවන් තොටුපොල දක්වා තෙල් ප්‍රවාහන දුම්රියන්ද මෙම ධාවනාගාරයෙන් ධාවනය කරනු ලබන දුම්රිය ධාවනයට බාධා එල්ලවිය හැක.

දුම්රිය රියදුරන් සේවයෙන් ඉවත්වන්නේ,  අතිකා දීමනා ඉල්ලුම් කිරීමේදි ඒවා ගෙවීමට පෙර අත්සන් නිවැරදිව තිබේදැයි එම ධාවනාගාරයේ අධීක්ෂණ කටයුතු කරන දිස්ත්‍රික් පරීක්ෂකවරයා (යාන්ත්‍රික) පරීක්ෂා කිරීම නිසා ඒ මහතා තනතුරෙන් ඉවත් කරන ලෙස හා ඊයේ දින ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කලද ගැටළු සදහා විසදුම් නොලැබීම නිසා මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය දියත් කරනු ලැබ ඇති බවයි.

දුම්රයි සාමාන්‍යාධිකාරිවරයා වෙත යවන ලද ලිපිය.