නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද දින (29) පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ දී පැවැති චාම් උත්සවයකින් පසු සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

