තැපැල් පාලන කාර්යාලවල සේව කරනු ලබන තැපැල් සේවකයින් දෛනික රාජකාරිවල පමණක් නිරතව ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
තැපැල්පත්වරයා විසින් පසුගියදා ඇඟලි සලකුණු යන්ත්‍ර පමණක් පදනම් කරගනිමින් අතිකාල ගෙවීම් කරන ලෙස දැන්වීමත් සමග මෙම තත්ත්වය ඇතිවී තිබේ.
මේ පිළිබඳව සහන ලබාදෙන ලෙස තැපැල්පතිවරයා වෙත දන්වා සිටියත්, මේ දක්වා කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇති බවත්, තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන කාර්යාලවල පවතින අධික පුරප්පාඩු පැවතී තිබුණත් ඒ අවශ්‍ය විසඳුම් ලබානොදීමත්, එම තත්ත්වය හමුවේ සේවකයින් අතිකාල මගින් රජකාරි වල නිරතව ඇති බවත්, එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්වේ.
මෙම තත්ත්වය යටතේ තැපැලේදී ජනතාවටව වන අපහසුකම් පාලනාධිකාරිය විසින් වගකිව යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.