IMF ආයතනය විසින් ලංකාවට විස්තීරණ ණය පහසුකම (Extended fund facility), කියන කොන්දේසිය යටතේ ණයක් දීම පිළිගෙන තිබීම, අද දින තුල වාර්තා වුනා. මේ අවස්ථාවේ දී, ඊට අදාලව ඉතාම ප්‍රධාන කාරණාව ක අවධානය යොමු කල යුතු යැයි අපි කල්පනා කරනවා.
IMF ආයතනය, මෙම මුදල් දීමට එකඟ වීමත් සමඟම, ඒ සදහා කොන්දේසි ගණනාවක් පිළිබද ව බරපතලව සාකච්ඡා කරලා තිබෙනවා. ඒවා අතර ඉතාමත්ම ප්‍රධාන වෙන්නේ, ලංකාවේ දූෂණය - මූල්‍ය හා කටයුතු පිළිබඳව දූෂණය, නැති කිරීම පිළිබඳව කාරණාවයි. ඒ කියෙන්නේ, අනාගතයේ දී මේ මුදල් මුලදී දෙන මුදල් වලින් පස්සේ, තවදුරටත් කෙරීගෙන යනවාද නැද්ද කියන දේ තීන්දු වෙන එක ප්‍රධාන දෙයක් වෙන්නේ මේ දූෂණය පිළිබදව ඇති වෙලා තියෙන වෙනස මොකක්ද කියන එකයි.
මෙම කාරණාව ඉෂ්ඨ කරගැනීම සඳහා IMF එකෙන් කරලා තියෙන යොජනාව තමයි ලංකාවේ දූෂණයට විරුද්ධව පවතින නීති, වඩා දියුණු කරලා, ඒක අංග සම්පූර්ණ කරන්නෙයි කියලා. මෙතනදී අපිට අවධානය කරන්න පුළුවන් IMF එකෙන් කරලා තිබෙන මෙම යෝජනාව ලංකාවේ දූෂණය නැති කිරීමට කොහොමවත්, ලොකු වෙනසක් ඇති කල හැකි ක්‍රමයක් නෙවෙයි. මොකද, ලංකාවේ කොච්චර නීති අලුත් කෙරුවත්, එයින් ප්‍රශ්න විසදෙන්නේ නැහැ. ඒකට හේතුව අර්බුදය පවතින්නේ නීති නැති කම නිසා පමණක් නෙවෙයි, නීති ක්‍රියාත්මක නොකිරීම නිසාය.
නීති හැඳුවයි කියන එකෙන් ඇගවෙන්නේ නැහැ, නීති ක්‍රියාත්මක කරාවිය කියලා. සමහර වේලාවට බටහිර රටවලින් එන විශේෂඥයෝ, ඔය IMF එක වගේ තැන්වල, මුල් බැහැලා ඉන්න අය, හිතනවා ඇති ඒ ගොල්ලෙන්ගේ රටවල්වල වගේ, යම් නීතියක් නීතිගත කෙරුවොත් එයින් පස්සේ ස්වභාවිකවම ඒක ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවයි කියලා. එහෙම සිද්ධ වීමක් ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ.
නීතිය ඕනතරම් පවතිනවා. ඒවා තවත් වඩාත් හොඳ කිරීමට විරුද්ධව නොවෙයි අපි කියන්නේ, ඒකත් තව වඩාත් දියුණු කල යුතුයි කියන එක ගැන ප්‍රශ්නක් නැහැ, නමුත් නීතිය දියුණු කලාට නීතිය ක්‍රියාත්මක වෙනවයි කියන එක ගැන කිසිම සහතිකයක් ඇත්තේ නැහැ, ඇත්තටම සහතිකයක් තියෙන්නේ ඒක අනිත් පැත්ත ගැන.
පොතක නීතිය අලුත් වෙයි. සැබෑ ජීවිතයේ දී දූෂණය ඒ විදිහටම තියෙයි. ඒකට හේතුව, හෙව්වොත් ඉතාමත්ම ලේසියෙන් ඒක හොයා ගන්න පුළුවන්, මේ පහු ගිය අවුරුදු 10 – 20 කාලය තුල, සමහර ඉතාම හොඳ නීති ජාත්‍යන්තර බලපෑම නිසා ලංකාවට ඇතුල් කරනු ලැබුවා. උදාහරණයක් වශයෙන් වධහිංසාව නැති කිරිම පිළිබද නීතිය (Torture) ඒක නැති කරන්න කියලා, 1994 දී නීතියක් ගෙනාවා එය ජාත්‍යන්තර වශයෙන් බලන කල ඉතාමත් දියුණු නීතියක්. නමුත්, ඒකෙන් පොලිස් ස්ථාන වල කෙරුණ වධහිංසාව අඩු වුනෙත් නැහැ, එක පහුගිය කාලයේ දී වැඩි වෙලත් තියෙනවා. එවගේම පොලිස් ස්ථානවලදී සිද්ධ වෙන මරණත් අඩු වෙලා නැහැ; වැඩි වෙලා තියෙනවා. කොතනද කියලා කිව්වොත්, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, ඉතා නුදුරු අතීතයේ දී කිව්වා, ‘ලංකාවේ පොලීසිය වෘත්තියමය පොලීසියක් හැටියට සලකන්න බැරිය’ කියලා. ‘මොකද කොච්චර නඩු තීන්දු දුන්නත් පොලිස් ස්ථාන තුල සිද්ධ වෙන ඝාතන වල අඩුවක් වෙලා නැහැ’. ‘ඒ පිළිබදව පොලිස්පතිවරයාවත් වෙන කිසිම කෙනෙක්වත් කිසිම සාධනීය දෙයක් කරලා තියෙනවා කියලා පෙන්නේ නැහැ’ කියලා.
දැන් මේකම කිව්ව හැකියි වෙනත් නීතින් පිළිබඳව, උදාහරණයක් වශයෙන් ළමයින්ගේ ආරක්ෂාව පිළිබදව, ස්ත්රීන්ගේ ආරක්ෂාව පිළිබදව,- ජාත්‍යන්තර නීති ලංකාවට ඇතුලත් කරලා තිබෙනවා. නමුත් ඒවායින්, කිසිම විදිහකින්, ඒ පුද්ගලයන්ට සිද්ධ වෙන අපරාධ අඩුවෙලත් නැහැ. ඒවා වෙනස් වෙලත් නැහැ. ඒකට හේතුව, මේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නීති ක්‍රියාත්මක වෙනව ද කියලා හොයා බලන ක්‍රමයකුත් නැහැ. එතකොට, නිතී ක්‍රියාත්මක නොවන රටකට තවත් නීති අලුත් කෙරුවයි කියලා, දූෂණය නැති වෙන්නේත් නැහැ. විශේෂයෙන්ම, දූෂණය ඉහ-වහ ගිහිල්ලා තියෙන රටක මේ ප්රශ්නය වඩා ගැඹුරින් කල්පනා කල යුතු වෙනවා, ඒ පිළිබදව ඊට වඩා විස්තර සහිත උපාය මාර්ගයක්-ක්‍රියා මාර්ගයක් පැවතිය යුතු වෙනවා.
නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානම අංශය තමයි, ඕනෑම නිතියක්, ප්‍රධානම අංශය වෙන්නේ පොලිසිය. අද, පොලීසිය නීතිය ක්‍රියාතමක කිරීමේ අංශය පැත්තෙන්, විශාල වශයෙන් කඩා වැටිලා තිබෙනවා, ඒකට පොලීසීයේම නිලධාරින් හේතු දක්වනවා. ඒ ගොල්ලෝ දේශපානලය, විශේෂයෙන්ම දේශපාලඥයන් ඔවුන්ට ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ, හොද නිලධාරීන්ටත් ඉඩ දෙන්නේ නැහැ පරීක්ෂණ පවත්වන්න, පරීක්ෂණ වලින් තොරව, නීතියක් ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. හොඳින් පරීක්ෂණය කරන නිලධාරීන්ට දඩුවම් කිරීමේ බලපතල සම්ප්රදායක්, පහුගිය කාලය පුරාම පැතිරිලා තියෙනවා. එතකොට, එහෙම තත්තවයක් යටතේ එහෙම නීතියක් ක්‍රියාත්මක වීමක් නෙමෙයි; වෙන්නේ, ඒ අපරාධය වසන් කරුවකු බවට, අපරාධ සහායකාරයකු බවට, පොලීසිය පත් කරගන්නවා, පොලීසියට වඩා බලවත් අයගේ උවමනාවන් ඇතුව. එතකොට, මේ තත්වය නැති කර ගන්නේ නැතුව, ඒ කියන්නේ, පොලීසිය පිළිබඳව බරපතල ආකාරයක පෙරළියක්, වෙනසක්, පරිපර්තනයක්, කිරීමකින් තොරව ලංකාවේ දූෂණය නැති වෙන්නේ නැහැ. එහෙම නම්, IMF එකෙන් දාලා තිබෙන පළවෙනිම බලවත්ම කොන්දේසිය ඉෂ්ඨ කරන්න ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ.
ඒ අවධියක තමයි අපි අද කථා කරන්නේ, පොලිස්පතිවරයකු තොරාගැනීම පිලිබදව. මේ පොලීස්පතිවරයා; නීතිය රකින, නීතිය මත පාලනය ආරක්ෂා කරන, රටේ නිතීය නිසි විදිහට ක්‍රියාත්මක කරන, දේශපාලඥයන්ට යටත් නොවන, දූෂණයට කොයි ආකාරයටත් හිසනමන කෙනෙක් නොවෙයිද කියලා බලාගෙන සිටිය යුතු වේලාවක් වෙනවා, මොකද ඒක වැරදියට කෙරුවොත්, මේ IMF තීන්දු ක්‍රියාත්මක කරන්න බැහැ.
ඒ අතරම කිව යුතු වෙනවා, පොලීසිය මාර්ගයෙන් විතරක් නෙවෙයි දූෂණය නැති කිරීමේ නීති ක්‍රියාත්මක වන්නේ. ඒ සදහා තියෙන කොමිසම, දූෂණ බ්‍රයිබරි කොමිසම හෝ ඊට සමානව අතීතයේ හදන ‘බලධාරියෙක්’ හදනවා නම් එම ‘බලධාරීන්’ ඇත්තෙන්ම ස්වාධීන කණ්ඩායමක් ඇති, කණ්ඩායමක් විය යුතු වෙනවා - පරීක්ෂණ මට්ටමින්. ඒ කියන්නේ කොමිසන් සභාපතිවරු විතරක් නෙවෙයි, පරීක්ෂණ කරන්නන් ‘ස්වාධීන කණ්ඩායමක්’ විය යුතු වෙනවා පොලීසියෙන් පිට. එහෙම තමයි දූෂණය මර්ධනය සාර්ථකව කරලා තියෙන රටවල් මේ ආසියාවේ, කරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් හොංකොං නගරය ඒකට ඉතාමත් හොඳ උදාහරණයක්. ඒකේ තියෙන දූෂණ මර්ධන අංශය, සම්පූර්ණයෙන්ම පොලීසිය පරිබාහිරව හදපු එකක්. ඒකට හේතුව, පොලිසිය මැදිහත් වෙච්ච හැටියෙම, ඒ මාර්ගයෙන් පරික්ෂණ පිළිබඳ තොරතුරු එළියට යනවා. ඊට පස්සේ ඒ පරික්ෂණට භාජනය වෙච්ච අයට සාක්කි නැති කරලා, මේ අය බේරගන්න තත්ත්වය හදනවා. එතකොට එක පැත්තකින් පොලිස් පරිවර්තනයකුත්, අනෙක් පැත්තකින් ස්වාධීන සංවිධානයක් හැඳිමත්, කියන දෙවල් අද නිකම් විවෘත්තව කථා කල යුතු කාරණා නෙවෙයි.
මේ IMF එකෙන් දීලා තිබෙන මුදල් අපතේ යනවාද? එහෙම නැතිනම් රටට ප්‍රයෝජනවත් විදිහට යනවද කියන කාරණා තීන්දු කරන සාධයක් බවට පත් වෙලා තිබෙනවා. මේ නිසා රටේ ජනතාවත්, රටේ පාර්ලිමේන්තුවත්, ඒ වගේම IMF වැනි ජාත්‍යන්තර සංවිධානත්, මැදිහත් වෙලා බැලිය යුතු වෙනවා, හුදෙක් නීතිය ගැන නෙවෙයි, නිතිය ක්‍රියාත්මක කිරීමට ලංකාවේ තියෙන හැකියාව කොච්චරද කියන එක.
ඒ ප්රශ්නය විසඳ ගත්තොත් දැන් තියෙන ආර්ථික ප්රශ්නය විසඳගන්න විතරක් නෙවෙයි, රටේ තියෙන ඉතාම ප්‍රබල ප්‍රශ්න ගණනාවක් විසඳීමට මාවතක් හැඳෙන්න පුළුවන්. ඒහෙම නැතුව ගියොත්, නැවතත් ලැබුණු අවස්ථාවක් අපතේ හැරිම මාර්ගයෙන්, මේ පහුගිය කාලයේ වර්ධනය වුනා වු ‘කාලකන්නි අතීතය’, නැවතත් ප්‍රතිනිර්මාණය කිරීමක් සිද්ධ වෙන්නත් පුළුවනි.
(ආසියානු මානව හිමිකම් කොමිසම විසින් සකස් කරන ලද ලියවැල්ලකි)