දකුණු ආසියාතික සමාජය පුරුෂ මූලික සමාජයකි. ලංකාවත් ඉන් වෙනස් වෙන්නේ නැහැ. එබඳු සමාජයක ස්ත්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රශ්ණය ඉතාමත්ම සංවේදී ප්‍රශ්ණයක් බවට පත්වී තිබෙනවා. පුරුෂ මූලික සමාජයක ස්ත්‍රියට හිමිවන්නේ දෙවැනි තැනයි. එය වැළැක්විය නොහැකියි. බටහිර දියුණු සමාජ ක්‍රමවල ස්ත්‍රීපුරුෂ සමාජභාවය අතර පවතින්නේ සමාන තත්ත්වයක්. එයට හේතුව දියුණු බටහිර සමාජ ක්‍රම පුරුෂ මූලික සමාජ ක්‍රම නොවීමයි. එහෙයින් පුරුෂයා හා ස්ත්‍රිය අතර සමානාත්මතාවය ප්‍රායෝගිකව තහවුරුවී තිබේ. එවැනි තත්ත්වයක් තුළ කාන්තා හිංසනයට ඇති ඉඩ ප්‍රස්ථාව ඉතා අවම වේ. බටහිර දියුණු සමාජ ක්‍රමයන්හී කාන්තවන් හා ළමයින් ආරක්ෂා කරගැනීම සඳහා නීති බලාත්මක කර තිබේ.
නිදසුනක් වශයෙන් බටහිර සමාජය තුළ මව් පාර්ශවයට පමණක් දරුවන්ගේ අයිතිය සහතික කළ හැකිය. එවිට අවජාතක ප්‍රශ්ණය මතු නොවේ. එහෙත් දකුණු ආසියාතික සමාජයෙහි එම තත්ත්වය දක්නට නොලැබේ. එනම් පියා නැති දරුවෙක් අවජාතක දරුවෙක් ලෙස සලකණු ලැබේ. එය නීතිමය වශයෙන් මෙන්ම, සාමාජීය වශයෙන්ද සිදුවන්නකි.
දකුණු ආසියාතික සාමාජයන්හී අනෙකුත් අඩුදියුණු සමාජ ක්‍රමයන්හී පුරුෂ ශ්‍රමය, ස්ත්‍රී ශ්‍රමය සමාන කොට නොසලැකේ. විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙහි නිල් කොලර් රැකියාවල එම තත්ත්වය විශේෂයෙන් හඳුනාගත හැකිය. එනම් ශාරීරික වශයෙන් ශ්‍රමය වැය කිරීමේදී පුරුෂ හා ස්ත්‍රී ශ්‍රමය සඳහා ගෙවන වැටුප් වල පැහැදිළි විෂමතාවයක් පවතී. එමගින්ද සිදුවී තිබෙන්නේ ස්ත්‍රී ශ්‍රමය හැල්ලුවට ලක්කිරීමය. එමෙන්ම මෙම විෂමතාවය අමතරව වැඩපොලේ කාන්තාව මුහුණදෙන ප්‍රශ්ණ අතිශයින් සංකීර්ණ වේ.
ඉහල තනතුරු දරන අයගේ විවිධ හිංසනයන්ට ස්ත්‍රිය භාජනයවේ. එම හිංසනය ශාරිරීක වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද සිදුවේ. මෙහිදී ලිංගික හිංසනය වඩාත් බහුල ලෙස හඳුනාගත හැකිය. මෙම තත්ත්වය රජ්‍ය අංශයේ බොහෝ ක්ෂේත්‍ර වල දක්නට ලැබේ. ආරක්ෂක අංශ වල පවතින දැඩි නිලධාරිවාදය යටතේ එම තත්ත්වය වඩාත් ත්‍රීවර් වී තිබේ.
එබඳු හිංසනයන් වැළැක්වීම සඳහා පවතින නීතිය ප්‍රමාණවත් නොවන අතර, ඇතැම්විට නීති පැවතුණද එම නීති බලාත්මක වීම සිදුනොවේ. මෙයටත් වඩා මතුවි ඇති ගැටලුව වන්නේ එබඳු හිංසනයන්ට එරෙහිව නීතියේ රැකවරණය ලබාගැනීම සඳහා කාන්තාවන් ඉදිරිපත් නොවීමයි. එසේ වී තිබෙන්නේ කාන්තවන්ට සමාජයෙන් එල්ල වන බලපෑම හේතු කොට ගෙනය.
එහෙයින් හිංසනය විඳදාරා ගෙන සිට නිහඩව සිටීමට කාන්තාවන්ට සිදුවී තිබේ. කාන්තා විමුක්තිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ඊනීයා සංවිධානවලින්ද සැබෑ ලෙස හිංසනයෙන් ගොදුරුවන කාන්තාවන්ට පිහිටක් ලැබෙන්නේ නැත.
පාර්ලිමේන්තුවේ හා අනෙකුත් ව්‍යවස්ථාදායක මණ්ඩලවල කාන්තා නියෝජනය ඉතාමත්ම පහළ මට්ටමක පවතින අතර, එම ආයතනවල පවා කාන්තා නියෝජිතයින්ට විවිධ ආකාරයේ බලපෑම් ඇති වන හෙයින් ඔවුන්ගේ හඩ ප්‍රබල මට්ටමක නොපවතී. එම කාන්තා නියෝජිතයින් කාන්තා ප්‍රශ්ණ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමද දක්නට නොලැබේ.
මෙබඳු සංදර්භයක් තුළ කාන්තා අයිතිවාසිකම් ප්‍රබල ලෙස යටපත් වී තිබේ. මෙම අවසානාවන්ත තත්ත්වයෙන් කාන්තාවන් ගලවාගත හැක්කේ පුරුෂයින්ගේ සමාජ දේශපාලන මැදිහත්වීම යටතේ බව පෙන්වා දීමට පුළුවන.
ටෙරන්ස් පුරසිංහ