ජාත්‍යන්තර මානව හිමිකම් දිනය (දෙසැම්බර් 10) අදට යෙදී තිබෙනවා. ලෝකයේ සියලු ජනතාවට උපතින්ම මූලික අයිතිවාසිකම්වලට ඇති අයිතිය හා සමානාත්මතාවය තහවුරු කිරීමේ අරමුණින් මෙම දිනය ප්‍රකාශයට පත්කර තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා නිවේදයක් නිකුත්කර තිබෙන අතර එහි සඳහන් අන්දමට මානව හිමිකම් දිනය අර්ථවත් කිරීමේදී අයිතිවාසිකම් භුක්ති විදිනවා මෙන්ම යුතුකම් ඉටුකිරීමටත්, ලොවක් වශයෙන් මුහුණ දී ඇති කොරෝනා වසගතය පාලනය කර ගැණීමටත්,එසේම රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා අයුතුවාසිකම් දිනා ගනිමින් අවැසි යුතුකම ඉටු කිරීමට මෙවර මානව හිමිකම් දිනයේදී අත්වැල් බැඳගත යුතු බව සිහිපත් කරයි.
1950 වර්ෂයේ දෙසැම්බර් මස 04 වන දින එක්සත් ජාතීන්ගේ 317 වන මහා මණ්ඩල රැස්වීමේදී ජාත්‍යන්තර මානව හිමිකම් දිනය විධිමත් ලෙස ස්ථාපිත විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා මාලාවේ 423(V) යෝජනාව ප්‍රකාරව සියලු සාමාජික රටවල් හා සංවිධාන ජාත්‍යන්තර දිනයක් ලෙස එය අනුමත කළේය.
ඒ අනුව සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරේ. සියලු ජනතාවට උපතින්ම මුලික අයිතිවාසිකම්වලට ඇති අයිතිය සහ සමානාත්මතාව තහවුරු කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණයි. එසේම, ලොවපුරා මානව හිමිකම් ගැටලු පිළිබඳව දැනුවත් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීමේ අරමුණු වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙස වර්ෂ 1955 දී ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්රඥප්තිය පිළිගත්තේය.
රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මඟින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිළිගැනෙන සදාචාරාත්මක ප්රතිපත්තීන් මානව හිමිකම් ලෙස අර්ථකතනය කළ හැකි ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර්ථකතනය අනුව පුද්ගලයෙකුගේ ආගම, ජාතිය, පදිංචිය, සමේ වර්ණය, වත්කම් යනාදී කිසිවක් ඒ සඳහා බලනොපායි.
එසේම, මානව හිමිකම් තිරසාර සංවර්ධන අරමුණු වල මුලික හදවතයි. මානව ගරුත්වයකින් තොර රටකට තිරසාර සංවර්ධනයක් කරා ගමන් කළ නොහැකිය. එසේම, විශ්වීය අගයන් මත පදනම්වන මානව හිමිකම් තුළින් සමානාත්මතාව, ගෞරවය, ස්ථාවරත්වය, සහභාගීත්වය, වගවීම, ප්‍රතිපෝෂණය සහ නීතියේ ආධිපත්‍යය වැනි වැදගත් සංකල්පයන්හි වටිනාකම පුරවැසියන්ගේ අවධානයට ලක් කරනු ලබයි.
මානව හිමිකම් රැකගැනීම ඔස්සේ පුද්ගල දියුණුව සේම ලෝකයක් ලෙස එක්සත්ව ඉදිරියට යාමට හැකිය.එසේම, මානව අයිතිවාසිකම් දිනය හුදු දාර්ශනික කථාබහට පමණක් සීමා නොවුණු ප්‍රායෝගික භාවිතයේ වැදගත්කම හඳුනාගත් එකක් විය යුතුය.
රජයක් ලෙස අප ලක්වැසි ප්‍රජාවගේ මානව හිමිකම සුරක්ෂිත කළ යුතුය. අපි බලයට පත් වූ සෑම අවස්ථාවකදීම මානව හිමිකම් ආරක්ෂා කරමින් විනයානුකූලව ලක්වැසි ප්‍රජාවගේ මානව අයිතීන් ආරක්ෂා කිරීමට බැඳී සිටියෙමු. සෞභාග්‍යයේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින් සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් රටේ හා පුරවැසියන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස කැපවන්නෙමු.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුව ද මානව ප්‍රජාවගේ අයිතිවාසිකම් කඩ නොවන පරිදි මූලික අයිතිවාසිකම් මෙන්ම, අවශ්‍යතාවයන් වෙනුවෙන් රජය කටයුතු කරන බව ඔබ දන්නා සත්‍යයක් බවත් එම නිවේදනයේ සඳහන්.