මේ මොහොතේ කම්කරුවන් දිනාගත් අයිතිවාසිකම්වත් භුක්ති විඳින්ට නොහැකි තත්ත්වයක් උදාවෙලා - “අශීලා දන්දෙනිය“

මේ මොහොතේ කම්කරුවන් දිනාගත් අයිතිවාසිකම්වත් භුක්ති විඳින්ට නොහැකි තත්ත්වයක් උදාවෙලා - “අශීලා දන්දෙනිය“

කොවිඩ් වසංගතය වෙළඳ කළාප තුල ද සීඝ‍්‍ර ව්‍යාප්තයක පෙන්නුම් කරනවා, ඒ කර්මාන්තශාලා වල PCR ) RAT (රැපිට් ඇන්ටිජන්) පරික්ෂණ ප‍්‍රමාණවත්ද ?

මේ වන කොට නිදහස් වෙළ ද කළාප වල කොවිඩ් වසංගත තත්ත්වය බරපතල ලෙස පැතිරිමෙන් තිබෙනවා. ඒ වගේම නිදහස් වෙළඳ කලාප වලින් ඔබ්බට ලංකාවේ සෑම ප‍්‍රදේශයකම පාහේ ඇඟළුම් කර්මාන්ත ශාලා ඇතුළු කර්මාන්ත ශාලා වල කොවිඩ් වසංගත තත්ත්වයට ගොදුරුවීමේ ප‍්‍රමාණය ගතහොත් ආයතයක සේවක ප‍්‍රමාණයට අනුපාතව 1% සිට 70% දක්වා පමණ වූ පරාශයක සීග්‍රයෙන් පැතිරිමෙන් තිබෙනවා.

මේ වන විට විශේෂ අවධානයට ලක්කල යුතු කරුණ වන්නේ, මෙම තත්ත්වය පාලනය කරගැනීම සඳහා ගන්නා ක‍්‍රියාමාර්ග කොතරම් ප‍්‍රමාණවත්ද කියන එක. පවතින තොරතුරු වලින් ඉතා පැහැදිලි ලෙස පේනවා, රජය මෙම පෞද්ගලික අංශයේ සේවකයන් පිලිබද වකකීමෙන් සම්පූර්ණ වශයෙන් ඉවත් වී සිටින බව.

විශේෂයෙන්ම ඇන්ටිජන් හා පීසීආර් පරික්ෂාව සම්බන්ධව පවතින බරපතලම ප‍්‍රශ්ණය තමයි රජය, එය ආයතන වල පාලකයින්ට පවරමින් තිබීම. ඒ වගේම මේ වන විට තම තමන්ගේ ආයතන තුල මෙම වසංගත තත්වයට ගොදුරු වන්නන්ගේ ද වගකීම පාලකයින්ට පවරා තිබෙනවා. අනෙක් අතින් පාලක පන්තිය ආයතන තුල සිදු කරන සියළු අසාධාරණ කම්කරු පිළිවෙත්, කම්කරු කොමසාරිස්වරු නොදැක්කාසේ සිටිනවා. මේ ඉතා භයානක දෙබිඩි පිළිවෙතක්. ආණ්ඩුව පූර්ණ ලෙස අසමත් වීමක්.

ඉහත තත්ත්වය හේතුකොටගෙන මේ වනකොට ඇන්ටිජන් හා පීසීආර් පරික්ෂණ ඉතා අඩු මට්ටමක තිබෙන්නේ, එම පරික්ෂණ ඉතා සිමිත ප‍්‍රමාණයක් කිරීමට ඔවුන් වගබලා ගෙන තිබෙනවා. මොකද පරික්ෂණ සිදුකළහොත් ඔවුන්ට විශාල මුදලක් දැරීමට සිදුවෙනවා, අනෙක් අතට කොවිඩ් සේවකයින්ට වැළදී ඇත්නම් ඔවුන්ව රැකබලා ගැනීමට ඔවුන්ට වියදම දැරීමට සිදුවෙනවා.

සේවකයින් හා කර්මාන්ත ශාලා අයිතිකරුවන් PCR ) RAT (රැපිට් ඇන්ටිජන්) පරික්ෂණ කරගැනීමට උද්යෝගයක් තිබෙනවාද ? නැත්නම් එයට හේතුව කුමක්ද?

අනෙක් පැත්තේන් පාලකයින් කටයුතු කරමින් සිටින්නේ සේවකයින්ටත් මෙම පරීක්ෂණ එපා කරවන තත්ත්වයක්. ඔවුන්ට මෙම පරික්ෂණ සිදුකිරිම හෝ වසංගත තත්ත්වයට ගොදුරුවීමට වඩා ජීවිතය නැති උනානම් හොඳයි කියන මානසිකත්වයක් තමයි මෙම ක්‍රියාවළිය හරහා ගොඩ නගල තිබෙන්නේ. ඒ නිසාම, සේවකයින් කල්පනා කරනවා. තමන් නිරෝධායනයට ලක්වෙන කොට තමන්ගේ පඩිපත කපනවානම්, තමන්ගේ නිවාඩු පඩි රහිත නිවාඩු බවට පත්කරනවා නම් ඔවුන්ට අතට ලැබෙන වැටුප ඔවුන්ගේ වියදම් කවර් කරගැනීමට නොහැකි තත්තවයක් උදාවෙනවනමි ඔවුනුත් කැමතිවෙලා තිබෙනවා ඇන්ටිජන් හා පීසීආර් නොකරනවා නම් හොඳයි කියන තත්ත්වයකට.

This image has an empty alt attribute; its file name is Ashila-dandeniya.jpg

අනෙක් පැත්තෙන් සමහර සේවකයින් පෙළඹිලා තිබෙනවා තමන්ට තිබෙන අපහසුතා, රෝග ලක්ෂණ සඟවාගෙන තමන්ගේ පාඩුවේ රැකියාවට යන්න. ඔවුන්ගේ රෝගී තත්ත්වය ප‍්‍රකාශ කළහොත් ඔවුන්ව ඇන්ටිජන් පරීක්ෂනය සදහා යොමු කරනවා. නැත්නම් බෝඩිමේ නැවතිලා මේ ගැන ටිකක් බලල වැඩට එන්න කියනවා. ඒ දෙකෙන්ම වෙන්නේ ඔවුන්ට හානියක්. එක පැත්තකින් ඔවුන්ට වෙන්නේ වැඩට නොගියහොත් ඔවුන්ගේ පඩිය කැපෙනවා, අනෙක් පැත්තෙන් නේවාසිකාගාරයේ ඉන්න වුනොත් ඔවුන්ට ආහාර සොයා ගැනීමට, මිලදී ගැනීමට සිදුවෙනවා. ඒ පැත්තෙන් මේ වෙලාවේ ඔවුන්ට තිබෙන්නේ අමාරු තත්ත්වයක්. ඒ නිසා ඔවුන් වඩා කැමති වෙන්නේ අසනීප තත්ත්වයන් තියාගෙනම රුකියාවට යන්න. සේවකයින් තමන්ගේ අමාරු තත්ත්වය සඟවාගෙන පඩිපත රැකගැනීමට වැඩට යනවා. ඒ නිසා මෙම බරපතල සමාජ වගකිම සම්පූර්ණයෙන්ම ගිලිහිලා තිබෙනවා සෑම පාර්ශවකගෙන්ම. මොකද ජීවන බර ජීවිතය ගැටගසා ගැනීම කියන ප‍්‍රධාන කාරණය ඉදිරියට ඇවිත් තිබෙනවා සේවකයින්ගේ පැත්තෙන්.

රජය සම්පූර්ණ කොවිඩ් වසංගතය පාලනය කිරීම වගකීම කර්මාන්තශාලා හිමියන්ට පවරා තිබෙනවා. මෙය සාධාරණද ?

එක පැත්තකින් රජය සම්පූර්ණ වශයෙන් මෙම සේවකයින් අතහැර දැමීම ඉතාමත් අසාධාරණ හා ඉතාමත් පහත් ක්‍රියාවළියක් හැටියට තමයි පෙනෙන්නේ. මොකද රටට විදේශ විනිමය ගෙනන මෙThis image has an empty alt attribute; its file name is Ashila-dandeniya-5.jpgම පිරිස පාලකයින්ට බාරදීල ඔවුන්ට රැක බලාගන්න කියන වගකීම පවරලා ආණ්ඩුව අතපිහදා ගැනීම තුළම ආණ්ඩුව ගෙන යන මෙම කුහක ප‍්‍රතිපත්තිය ඔවුන්ව දෙවන පුරවැසියන් ලෙස සලකා කටයුතු කිරිම තවත් බරපතල ලෙස ඉස්මතු වෙමින් තිබෙනවා. එක පැත්තකින් ආණ්ඩුව ආයෝජකයන්ට සහන සලසන ගමන් ඔවුන් ආණ්ඩුවට බදු ගෙවීමින් ඉන්නවා.

එම නිසා රජය මෙයින් මිදීම කිසිසේත් සාධාරණ නැහැ. රජය විසින් අනිවාර්යයෙන්ම මෙහි වගකීම බාරගත යුතුයි. අපි යෝජනා කරන්නේ කම්කරු අමාත්‍යංශය විසින් සම්පූර්ණ වගකීම බාරගනිමින් ඔවුන් රැකබලා ගැනීමමේ ක‍්‍රියාවළිය තුළ පාලකයින්ගේ කොටස අතපත්කරගැනීම සහ ඒ කොටස ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව විසින් නියෝග නිකුත් කිරීම කළ යුතුයි.

මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඔබ යෝජනා කරන යෝජනා මොනවාද ?

මෙම තත්ත්වය මෙතෙක් දුරට ගමන් කලේම රජය විසින් කිසිඳු ප්‍රතිපත්තිමය තීරණය හෝ ව්‍යූහාත්මක ක්‍රියාවලියක් ගොඩනැංවීම සඳහා තීන්දුතීරණ නොගැනීමයි. කොවිඩ් මෙපමණ බරපතල තත්ත්වයක් උදා උනේ අද ඊයේ සිට නොවෙයි. දැනට අවුරුද්දකට වැඩි කාලයකට පමණ සිටයි කොවිඩ් වලට මුහුණ දෙන්න පටන් ගත්තේ. අපට හොඳටම මතකයි පළවෙනි රැල්ල පටන්ගන්නකොට කාර්ය සාධක බලකායක් මේ සම්බන්ධව පත්කරලා එතන යෝජනා උනා සෞඛ්‍ය කමිටු පිහිටවන්න. නමුත් මේ වනවිට සෞඛ්‍ය කමිටු පිහිටුවා ගන්නටත්, ඒවා නියාමනය කරන්නටත් රජයට බැරිවෙලා තිබෙනවා. අසමත්වෙලා තිබෙනවා. ඒ තත්ත්වය තුල රටපුරා කොවිඩ් වසංගතය සීග‍්‍රයෙන් ව්‍යාප්ත විම ආරම්භ වෙලා තිබෙනවා.

This image has an empty alt attribute; its file name is Ashila-dandeniya-3.jpg

ඒ නිසා මෙය පාලනය කිරීමටනම් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු හරහා ඔවුන්ට නියාමනය කිරීමට හැකි ආකාරයේ කමිටු පිහිටුවිය යුතුයි. එයට සේවකයින් ඇතුලත් විය යුතුයි. එම කමිටුවේ සිටින සාමාජිකයින් පිළිබඳ ප්‍රසිද්ධියකට ලක්කරමින් එම කමිටු තුළ සිදුකරන කාර්යයන් පිළිබඳ විස්තර හා තොරතුරු තින්දු තිරණ එළියේ සිටින අයට දැනගැනීමට හැකි ආකාරයට මෙම නියාමනය කිරිමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. නැතිනම් මෙය පාලනය කිරිමට ඉතාමත් අසීරුයි. මොකද මේ වෙනකොට පාලකයන් එක් සංඛ්‍යා ලේඛණයක් කියනවා, ආයෝජන මණ්ඩලය තව සංඛ්‍යා ලේඛෙණයක් ඉදිරිපත් කරනවා, මහජන සෞඛ්‍ය පරික්ෂක තවත් සංඛ්‍යා ලේඛණයක් ඉදිරිපත් කරනවා. පොලීසිය තවත් සංඛ්‍යා ලේඛණයක් ඉදිරිපත් කරමින් ඉන්නවා.

අඩුම තරමින් මේ සම්බන්ධව කටයුතු කරන ආයතන වල ඒකාබද්ධ යාන්ත‍්‍රණයක් ගොඩනගලා නැහැ. නිශ්චිත තොරතුරු හුවමාරු කරගැනීමේ යාන්ත‍්‍රණයක්වත් නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ කොහොමද වසංගතය පාලනය කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම සේවකයින් ඇතුළත් වූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරන්ගේ නියාමනයට යටත්ව ක‍්‍රමවේදයක් සකස් කළ යුතුයි මෙය පාලනය කරන්න.

ILO C190 සම්මුතිය යටපත් වෙලා අමතක වෙමින් තිබෙනවා. මේ සමග මෙම පනත සම්මත කරගැනීමටත් කටයුතු කළ යුතුයි නේද ?

මේ වෙන කොThis image has an empty alt attribute; its file name is Ashila-dandeniya-4.jpgට සේවකයින් දිනාගත් අයිතිවාසිකම් අහිමිවෙලා තිබෙන තත්ත්වයක්, අයිතිවාසිකම් කොහෙවත් සළකුණු නොවන තත්ත්වයක් හා දිනාගත් අයිතිවාසිකම් කොලකැබැල්ලකට සීමා වූ තත්ත්වයක් තමයි ඇතිවෙලා තිබෙන්නේ. කම්කරු කාර්යාල, කොමසාරිස්වරුන් සම්පූර්ණයෙන් නිද්‍රාශීලි පිළිවෙතකට යොමුවෙලා තිබෙනවා. පවතින එසේත් නැතිනම් දිනාගත් අයිතිවාසිකම් භුක්ති විඳින්ට නොහැකි තත්ත්වයක් මේ මොහොතේ උද්ගත වෙලා තිබෙනවා.

අපි පසුගිය කාලයේ උනන්දු වුනා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සී190 සම්මුතිය කොහොමද අපරානුමත කරලා එහි වරප‍්‍රසාද සේවයින්ට භුක්ති විඳිමට වැඩපිලිවෙලක් ගෙනියන්නේ කියලා. නමුත් මේ වෙලාව එවැනි සාකච්ඡාවකට සුදුසු වෙලාවක් නොවෙයි කියලා හිතනවා. මෙය පුළුල් වශයෙන් ගතහොත් එම සාකච්ඡාවත් මේ ගත්තොත් හොඳයි කියන පිරිසකුත් ඉන්නවා. නමුත් මේ වෙලාවේ හැමකෙනේකම් තම ජීවිතය බේරාගැනීමේ අරගලයක සිටින්නේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂිව පිළිබඳව. පුද්ගලයකුගේ ජීවිතය රැකුනොත් පමණයි ඒ රැකගත් අයිතිවාසිකම් භුක්ති විඳිමේ වාතාවරණයක් හදන්න පුළුවන් වෙන්නේ.

 

මෙවැනි තත්ත්වයක් තුළ වෘත්තීය සමිති තුළ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වෙනවාද ?

මේ වෙන කොට ඉතාමත් ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති ගණනාවක් මේ රටේ තියෙනවා. නමුත් මේවායේ ඒකාබද්ධ යාන්ත‍්‍රණයක් නැහැ. සේවකයින්ට ආරක්ෂාව සැලසීමේ, සේවකයින්ගේ අයිතිවාසිකම් නියෝජිනය කිරිමේ, ව්‍යුහාත්ම වෙනසක් කිරිම සඳහා සටනක් දියත් කිරිම සඳහා වෘත්තිය සමිති වල ඒකාබද්ධතාවයක් මේ වන කොට දකින්නට නැහැ.

බෝහෝ වෘත්තීය සමිති එකිනෙකා පරයා යමින් ස්මතු වීමේ නැමියාවකින් තමයි තමන්ගේ මැදිහත් වීම් සිදු කරන්නේ. මෙය ඉතාමත් බරපතල අඩුපාඩුවක්, මොකද මේවා තමයි ආණ්ඩුව පාවිච්චි කරන්නේ, පාලකයින් පාවිච්චි කරන්නෙ , තමන්ට අවශ්‍ය විදියට අත්තනෝමතික විදියට පාලනය ආයතන තුළ ගෙනයමින් කම්කරු ප‍්‍රජාව සුරාකෑමට ලක්කිරීමටයි.

(කටුනායක Standup Movement Sri lanka  අශීලා දන්දෙනිය සමග කරන ලද සාකච්ඡාවකි)