2019 ජුනි මස පවත්වන ලද අන්තර් ජාතික කම්කරු සංවිධානයේ 188 වන සමුලුවේදි සී190 සම්මුතිය සම්මත කර ගැනිමේදී , කෝවිඩි 19 වසංගතය ගැන ඡායාවක්වත් නොතිබිණි. එහෙත් දැන් ආපසු හැරී බැලීමේදි පෙනී යන්නේ කෝවිඩි-19 වසංගතයෙන් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් මුහුණ දෙන හිංසනයන් හා ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දීම සදහා සූදානම් වීමේ අවශ්‍යතාවයක් ලෙස අනිවාර්යෙන්ම මෙම සම්මුතිය සම්මත කර ගත යුතු වන්නේය.
කෝවිඩි 19 වසංගතය තුල අපේ අත්දැකීම් බැලීමේදි කම්කරු සේවිකාවන්ගේ පීසීආර් ප්‍රතිඵල ලැබීමට පෙර සේවයේ පිහිටුවිම නිසා අවට සිටින සැලකිය යුතු පිරිසකට ආසාදනය වේ. මේ තත්ත්වය කම්කරු සහෝදරියන්ට කරන්නාවු හිංසාකාරී තත්ත්වයක් හැටියට සැලකිය හැක.
නිරෝධායන මධ්‍යස්ථානවලදී තම සහෝදර සේවකයින්ගෙන් හා වෙනත් ආකාරයේ හිංසනයන් අපමණ තිබු බව නිරෝධායනයට ලක් වී සිටි අපේ සහෝදරියන්ගෙන් පැමිණිලි වාර්තා වුනා.
කොරෝනා පළමු රැල්ලේ දී ආහාර ද්‍රව්‍ය බෙදාදීම් මෙන්ම රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමේදී ද, කම්කරු සහෝදරියන්ට හිංසනයන් සිදුවුවා මෙන්ම වෙනස්කොට සැලකීම් වලට භාජනය වීමට සිදුවිය .
රැකියාව අහිමි වීම නිසා පවුල තුල තිබු පිළිගැනීම අඩුවීම තුල තම ස්වාමිපුරුෂයාගෙන් සහ පවුලෙන් නොයෙකුත් තාඩන පීඩන වලට ලක්වීමට සිදුවුණා .
නේවාසිකාගාරවල එක් සේවිකාවකට එක් වැසිකිලියක් පාවිච්චි කල හැකිනම් පමණක් සේවයට කැදවිම, හිටිහැටියේ සේවිකාවන්ගේ රැකියා අහිමි කිරීම්, වන්දි නොගෙවා දොට්ට දැමීම්, මැහුම් සේවිකාවන් ඔවුන්ගේ තත්ත්වය නොසලකා ක්ලීනින් වැඩ සදහා යොදවා ගැනිම්, කෝවිඩ් නිසා මරණයට පත් සේවිකාවන්ට වන්දි නොලැබීම, බෝඩිම් හිමියන් හිටිහැටියේ නේවාසිකාගාරවලින් නෙරපා හැරීම්, සේවයට යාමේදී ඒමේදී සිදුවන හිංසනයන් මෙම සී 190 සම්මුතියෙන් ආවරණය වන හිංසනයන් වේ.
සී190 සම්මුතිය සම්මත වෙලා වසර 2ක් යනතුරුත්, රටවල් තුනක් පමනක් සම්මත කර අපරානුමත කර ඇති බවට වාර්තා වන්නේ. සී 190 සම්මුතිය සම්මත කර ගැනිමට නම් මේ තත්ත්වය තුල වෘත්තිය සමිති පුමුඛ පුලුල් ව්‍යාපාරයක කටයුතු කළ යුතු අවශ්‍යතාව තව තවත් දැඩිව මතුවෙමින් තිබේ.
ඒ වගේම මෙම ව්‍යාපාරයේ ශක්තිමත් බව පවතින්නේ කම්හල් වල කම්කරුවන් කොපමණ ප්‍රමාණයක් මෙම ව්‍යාපාරයේ පංගු කාරයන් වන්නේ ද යන්න මතයි.
පද්මිණී වීරසුරිය, අධ්‍යක්ෂිකා, ස්ත්‍රී මධ්‍යස්ථානය