අමෙරිකානු ඉහළ පෙළ  සරසවියක ප්‍රධානියෙක් ලෙස ශ්‍රී ලාංකිකයෙක්

අමෙරිකානු ඉහළ පෙළ  සරසවියක ප්‍රධානියෙක් ලෙස ශ්‍රී ලාංකිකයෙක්
ලෝක ගෞරවයට පාත්‍රා වූ අමෙරිකාවේ පිහිටි ‌ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත් කර තිබේ.
 
QS – Top University ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ විශ්වවිද්‍යාල අතරින් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට හිමිවන්නේ 28 වැනි ස්ථානයයි.
 
එහි අධ්‍යාපන ප්‍රධානී ධුරයට එලෙස පත් කර ඇත්තේ, ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥ සහ සම්මානලාභී ලේඛකයෙකු මෙන්ම අධ්‍යාපනඥයෙකු ද වන ආචාර්ය රේ. ජයර්ධන මහතායි.
 
මේ වනවිට අමෙරිකාවේ කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ කලා සහ විද්‍යා පීඨයේ පිඨාධිපතිවරයා ලෙස සේවය කරන රේ.ජයවර්ධන මහතා, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ 16 වැනි අධ්‍යාපන ප්‍රධානියා බැව් සඳහන්ය.
 
අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම, විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහ අධ්‍යාපන මෙහෙයුම්වලට සහය වීම සහ විෂය නිර්දේශ සැකසීම ආදී කාර්යයක් රැසක් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය තුළ රේ.ජයවර්ධන මහතා වෙත පැවරෙන බව වාර්තාවේ.
 

නුගේගොඩ ශාන්ත ජෝන්ස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රේ.ජයවර්ධන මහතා වැඩිදුර අධ්‍යාපන සඳහා කොළඹ රාජකීය විද්‍යාලය වෙත ‌ඇතුළත් වූවෙකි.