ගුවන් තොටුපොල අමුත්තන්ට සීමා කෙරේ

Colombo-Bandaranaike-International-Airport

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්යය බහුල දිනයන්හී  ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සඳහා, පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත පිවිසීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාළය තුළ ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත (BIA Departure Lobby) අමුත්තන්ට ඇතුළු වීම අත්හිටුවා ඇත.

ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.