All Stories

ජපන් ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්!

ජපානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට වැදගත්වෙන නිවේදනයක් එරට ලක් තානාපති කාර්යාලය විසින් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් සේවාවන් සපයනු ලබන්නේ උදෑසන 09.00 සිට සවස 04.00 දක්වා පමණක් බව සිහිපත්කර දී තිබෙන අතර මෙම කාලය තුල සේවාවන් ලබා ගැනීමට පහතින් දැක්වෙන දිගුව භාවිතාකරන ලෙසත් සිහිපත් කර දෙයි.

එමෙන්ම කොන්සියුලර් සේවාවන් ලබා ගැනීම සඳහා කලින් වේලාවක් වෙන්කර පැමිණීමද අනිවාර්ය බවත් නිවේදනයේ සඳහන්.

 

කොන්සියුලර් සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන්කර ගැනීම සඳහා මෙම දිගුව භාවිතා කරන්න...

 

japan

 

ජපන් ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්!

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්!

පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදු වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ (16) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

පරිගණක පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සහතික නිකුත් කිරීම නතර කිරීමට පියවර ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වේ.

පරිගණක පද්ධතිය අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවත් එය යථා තත්ත්වයට පත් කළ පසු නැවත දැනුම් දෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.කෙසේ වෙතත් අනිකුත් කන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව එම නිවේදනයේ දැක්වේ.

විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්!

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image