ගුරු-විදුහල්පතිවරු අද (12) උද්ඝෝෂණයක

ගුරු-විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පැටවීම වහා නතර කිරීම යන ඉල්ලීම් මුල් කරගෙන අද (12) දහවල් පාසල් අවසන්වීමෙන් පසුව දිවයින පූරා පිහිටි අධ්‍යාපන කලාප කාර්යාල ඉදිරිපිටදී උද්ඝෝෂණ ක්‍රියාමාර්යක් දියත් කරන බව ගුරු-විදුහල්පති ඒකාබද්ධ කමිටුවේ ජෝෂප් ස්ටාලින් මහතා “වැඩබිම“ට පැවසීය

ඒ අනුව අද දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල ඉදිරිපිට ගුරු - විදුහල්පති උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.