බන්ධනාගාර නිලධාරින්ට රු. 15,000/= වැටුප් වැඩි කරනවා - අධිකරණ ඇමැති

බන්ධනාගාර නිලධාරින්ට රු. 15,000/= වැටුප් වැඩි කරනවා - අධිකරණ ඇමැති

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අමත්‍යවරයා පවසා සිටියේය.

ඊයේ (20) දින පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අතර, එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් යෝජනා කරමින් කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කලා.

බන්ධනාගාර නිලධාරීන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බැඳී සිටිනා බව කී අමාත්‍යවරයා අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන නිලධාරීන්ට වෘත්තිය ක්‍රියා මාර්ගවලට යොමුවීමේ හැකියාවක් නොමැති බව අවධාරණය කළේය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.