අද (21) බස්නාහිර සෞඛ්‍ය සේවකයින් වර්ජනයේ -  මැයි 28 සිට අඛණඩ වර්ජනයකට සුදානම්ලු

අද (21) බස්නාහිර සෞඛ්‍ය සේවකයින් වර්ජනයේ -  මැයි 28 සිට අඛණඩ වර්ජනයකට සුදානම්ලු

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හෙට (මැයි 21) බස්නාහිර පලාතේ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ, සම කැදවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පවසා සිටී.

ඊයේ දවසේ ඌව පලාතේ උදෑසන 8 සිට 12 දක්වා පැය 4ක වර්ජනය සිදුකල අතර හෙට දවසේ වර්ජනය බස්නාහිර පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතන තුළ උදෑසන 8 සිට 12 දක්වා සිදු කිරීමට තීරණය කරන ලද බවත්, හෙට දවසේ බස්නාහිර පළාතේ   සෞඛ්‍ය සේවාව තුළ සියලුම රසායනාගාර පරීක්ෂණ සේවා, විකිරණ පරීක්ෂණ, CT , MRI පරීක්ශණ , ඖෂධ නිකුත් කිරීම,  ඖෂධ බෙදා හැරීම, සියලු සෞඛ්‍ය සායන සහ එන්නත් කිරීම් කටයුතු අඩාල වීම සිදුවනු ඇත.

එසේම අද දවසේ රැස්වූ නායකත්ව මණ්ඩලය 22 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ වෙසක් උත්සවය හේතුවෙන් 28 දක්වා කල් දැමීමටත් 28 වෙනිදා උදෑසන 8ට මෙම වර්ජනය ආරම්භ වනු ඇත.

ඉදිරි දින කීපය තුළ මේ ගැටලුව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් 28 වෙනිදා සිට අඛන්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් දක්වා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ව්‍යාප්ත කිරීමට ඉදිරි දින කිහිපය තුළ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.